*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

බලාගෙන ඉන්න ලබන අවුරුද්දේ ඉන්ධන මිලටත් වැට් බද්ද එනවා – චම්පික

කොළඹ LNW:මෙවර රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද සූක්ෂම ලෙස පුළුල් කොට ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව ලබන වසරේදී ඉන්ධන වලටත් වැට් බද්ද අය කෙරෙනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

රණවක මහතා මේ බව සඳහන් කළේ අද (15) අයවැය විවාදයට එක්වෙමිනි.

එහිදී තවදුරටත් කරුණු දක්වමින් ඔහු පැවසුවේ,“බලන්න වැට් බද්ද. වැට් බද්දෙන් බලාපොරොත්තු වුණා බිලියන 908 ක්. එකතුවෙලා තියෙන්නේ 680 යි . ඒ ගැනත් කියන්න ඕනේ. ඒ ගැනත් මුදල් අමාත්‍යාංශය වාර්තාවක් දුන්නා. එකට මේ වැට් බද්ද එකතු වෙලා තියෙන්නේ ඒවයින් 50% කට වගකිව යුත්තේ උද්ධමනය කියලා. උද්ධමනය නිසයි මේ වැට් බද්ද වැඩි වෙලා තියෙන්නේ සීයට පනහකින්. ඒ අනුව අපිට පෙනී යනවා මේ වැට් බද්ද දැන් මේ අයවැය යෝජනාවේ ජනාධිපතිතුමාගේ පැය දෙකක කතාවේ තිබිච්ච වැදගත්ම දේ තමයි එකම ආදායම් යෝජනාවක්වත් ඉදිරිපත් කළේ නෑ. නමුත් මේ අය වැය සීරුවෙන් කියවනකොට අපිට පේනවා වැට් බද්ද පුළුල් කිරීම මගින් ඒ වගේම සමාජ ආරක්ෂණ බද්ද පුළුල් කිරීම මගින් දැවැන්ත ආදායමක් ලැබෙන බව. ඒ අනුව මම කියනවා ලබන වසරේදී ඉන්ධන වලටත් වැට් බද්ද එනවා. අඩුම තරමකින් ඉන්ධන ගාස්තු තවත් සීයට දහයකින් පෙට්‍රල්, ඩීසල් ගණන් යනවා. මේ ඉන්ධන ගැන කියනවා නම්, මේ පාර්ලිමේන්තුවටම ලබා දුන්නා. රාජ්‍ය ආයතන පනස් දෙහෙක විස්තර. පළවෙනි මාස අටේදී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 80 ක් ලාභ ලබලා තියෙනවා. මෙහෙයුම් ලාභය බිලියන අසූ අටක්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මේ පාර්ලිමේන්තුවට ලබාදීලා තියෙන එකේ. ඒ වගේම මේ බිලියන අසූ අට ඇතුලේ අද ඩීසල් ලීටරයකින් රුපියල් අසූවකට ආසන්න ප්‍රමාණයක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් එකසිය විසිපහකට ආසන්න ප්‍රමාණයක් බදු හැටියට අයකර ගන්නවා. ඒ අතරේ ලාභය එනවා. ඒ අතරේ ලබන අවුරුද්දේ තවත් සියයට දහයක් එනවා. මේ යටතේ රටක නම් ආර්ථිකය ගෙනියන්න වෙන්නේ නැහැ. මේ යටතේ සාමාන්‍ය මහජනයාට (ව්‍යාපාර නෙවෙයි, සේවා නෙවෙයි,) ජීවත්වීමවත් කරගන්න බෑ.”යනුවෙනි.

කළ යුත්තේ තවත් වැට් බදු පළල් කිරීම, තවත් සමාජ ආරක්ෂණ බදු පළල් කිරීම, දේපොළ බද්ද හඳුන්වා දෙන්න උත්සාහ කිරීම, එහෙම නැත්නම් අර පරම්පරාවෙන් එන ඉන්හෙරිටන් ටැක්ස් එක ගේන්න උත්සාහ කිරීම, ඒ හරහා තව තවත් බදු පිට බදු ගොඩනැගීම නොවන බව රණවක මහතා අවධාරණය කළේය.

‘අපි උත්සාහ කළ යුත්තේ දැනට බදු එකතු වෙලා නෑ ට්‍රිලියනයක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කෝටි ලක්ෂයක බදු එකතු කරලා නෑ. ඒ බදු එකතු කරගන්න බැරුව ඉන්න එක නිවැරදි කරගන්නේ නැතුව තවත් බදු වැඩි කිරීමෙන් හෝ තවත් ආකාරයට මහජනයාට මේ පීඩාවට පත් කිරීම තුළින් මහජනයා සමාජමය වශයෙන් පිපිරීමකට යනවා විතරක් නෙවෙයි. ආර්ථිකය වේගයෙන් සංකෝචනය වෙනවා.”

එමෙන්ම ඉදිරි කාලයේදී, කවර ආණ්ඩුවක් යටතේ හෝ අනිවාර්යයෙන්ම ආර්ථික යුක්තිය වෙනුවෙන්, ආර්ථික අපරාධකරුවන්ට එරෙහිව විනිශ්චය සභාවක් පිහිටුවා දඬුවම් දිය යුතුවන බවද ඔහු කියාසිටියේය.

“මේ ආර්ථිකය බංකොලොත් වුණායින් පස්සේ මට තාම මතකයි කෝප් කමිටුවට මහ බැංකුව කැඳෙව්වා. 2022 මැයි මාසේ. ඒ අවස්ථාවේදී ඒ Monitory Law Act එක යටතේ මහ බැංකු අධිපති ඇතුළු, මුල්‍ය මණ්ඩලය මුල්‍ය පාලනය නොකිරීමේ වරදට නිත්‍යානුකුලව ක්‍රියා කළ යුතුයි කියන යෝජනාව එදා අපි කෝප් එකේ ගෙනාවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේදීත් කීප අවස්ථාවක්ම අපි මේ යෝජනාව ගෙනාවා. ඒ නිසා මෙතනින් පස්සෙවත් මේ රට පාලනය කරන පාලකයින්ට තවදුරටත් රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි දෙයක් හැටියට ක්‍රියා කරන්න බැරි බව මේ අධිකරණ තීන්දුවෙන් පැහැදිලි වෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී සියලු දෙනාටම වගවීම ඒ වගේම මහජන විශ්වාසය, ඒ වගේම මහජනයාගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කරන්නට සිදුවෙනවා. ඒ වගේම, බොහොම පැහැදිලිව කියන්න ඕනේ, මේ මුල්‍ය පැත්ත විතරයි සලකා බලලා තියෙන්නේ. බලශක්ති ක්ෂේත්‍රයේත් මෙවැනිම කළමනාකරණයේ දැවැන්ත ප්‍රශ්න මතුවුණා. මේ අර්බුදය ද්විත්ව අර්බුදයක් හැටියට මතුවෙලා ආවේ, ඒ නිසයි. ඒ නිසා, ඉදිරි කාලයේදී, කවර ආණ්ඩුවක් යටතේ හෝ අනිවාර්යයෙන්ම ආර්ථික යුක්තිය වෙනුවෙන්, මේ ආර්ථික අපරාධකරුවන්ට එරෙහිව, විනිශ්චය සභාවක් පිහිටුවලා දඬුවම් දීම අවශ්‍යයි.

ඇයි මම එහෙම කියන්නේ? ලෝකයේ බංකොලොත් වුන රටවල් තියෙනවා. ලෙබනන් රට බංකොලොත් වුණා. ආජන්ටිනාව බංකොලොත් වුණා. ග්‍රීසිය බංකොලොත් වුණා. අයිස්ලන්තය බංකොලොත් වුණා. මේ රටවල් අතරින් අවුරුදු දහයක් ගිහිල්ලා දැන් ආජන්ටිනාවට හෝ ග්‍රීසියට හෝ ගොඩ වෙන්න බැරි වෙලා තියෙනවා මේ අර්බුදයෙන්. ලෙබනනය අවුරුදු පහක් ගිහිල්ලා ගොඩ වෙලා නෑ. නමුත් අයිස්ලන්තය අවුරුදු තුනක් ඇතුළත මේ අර්බුදයෙන් ගොඩ ආවා. ගොඩ ආවේ කොහොමද? ආර්ථික අර්බුදයට වගකිව යුතු මුල්‍ය ක්ෂේත්‍රයේ, බැංකු ක්ෂේත්‍රයේ පිරිස් වලට වහාම දඬුවම් දීලා ඒ වරද නිවැරදි කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අයිස්ලන්ත ඒ නිසා ලංකාව, මේ රටේ මහජනයා ගිය අවුරුද්දේ පාරවල් වලට බැහැලා කළ, ඒ අරගලය, ඒකට යම් යම් අය අපහාස කරනවා. මේක සිද්ධ වුණේ යහපාලනය නිසයි කියනවා. ඒ වගේම මේක සිද්ධ වුණේ කෝවිඩ් නිසයි කියනවා. ඒ සියලු දෙනාටම මේ විනිශ්චකාරවරුන් හතර දෙනාගේ නඩු තීන්දුව කියවන්නෙයි කියලා මම යෝජනා කරනවා. ඒ සියලු දෙනාගේම තර්කවලට හා මේ රටේ ඒ පැත්තට කතා කරපු ඒ විශිෂ්ට නීතිඥයින්ගේ තර්ක සියල්ලටම මනා නීති තර්ක මෙන්ම දේශපාලන තර්කත් ඒක තුළ ගොඩනගලා තියෙනවා. ඒ අනුව නැවත වතාවක් ඒ තීන්දුව මත ක්‍රියා කරන්නට මේ රටේ දේශපාලකයින් කටයුතු කළ යුතුයි. ගරු කල යුතුයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට හසුවූවන්ට මේ රටේ දේශපාලන පක්ෂවලට නායකත්වය දීමට හෝ රටට නායකත්වය දීමට දැන් අයිතියක් නැති බව ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan