*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ඩයනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි වෙයිද ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සම්භන්ධයෙන් සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය, බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඇය ගේ නීතිඥවරුන් විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන්, ඉදිරියේ දී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත්කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (15) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර ඇත.

සිය පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරු ව අග විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් ක‍ර ඇති බව සඳහන්.

මෙම ඉල්ලීම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා බැලිණි.

එහි දී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු දක්වමින් දේශපාලන පක්ෂවල සාමාජිකයන් ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු රාශියක් ප්‍රකාශයට පත්කර තිබෙන බව පෙන්වා දී ඇත.

තම සේවාදායිකාව නෙරපීමට පෙර ඇයට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු කර නොමැති බවත් එබැවින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan