කෝප් කමිටු සභාපතිගේ හැසිරීම සැක සහිතයි – සජිත් කථානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි!

Date:

කොළඹ LNW:පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගීත්වයෙන් ඊයේ (14) පැවති කෝප් කමිටු රැස්වීමේදී කමිටු සභාපතිවරයාගේ හැසිරීම ගැටලු සහගත බවයි විපක්ෂ නායකවරයා අද (15) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

සභාපතිවරයා විසින් කමිටුව තුළ සාක්ෂිකරුවන්ට අනියමින් හෝ දැනුවත්ව උපදෙස් දීමක් සිදුකරන බවට ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

“කෝප් එකේ යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීම්වලදී අපි දැක්කා රූප රාමුවක්. එකේ අපි දකිනවා, කෝප් සභාපතිවරයා කටට ඇඟිල්ලක් තියලා යම් පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා අපි හිතන විදියට. ඒ පැත්තේ රූපරාමු විතරයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ රූපරාමුවලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුළේ අපේ සාමාජිකයෝ දක්වපු කරුණු කාරණා බොහෝම බරපතලයි. ඒ කියන්නේ කෝප් කමිටු සභාපතිවරයා අනියම් හෝ නියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා, හසුරවනවා සාක්ෂිකාරයෝ ලබාදෙන උත්තර පිළිබඳ. මේක බරපතල කාරණයක්. මේක ගැන කථානායකතුමා පරීක්ෂණයක් කරන්න” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...