මේ අයවැය යෝජනා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ – මන්ත්‍රී දොළවත්ත

Date:

කොළඹ LNW:සමාජයේ දුගී දුප්පත් ජනතාවගේ සියලුම අවශ්‍යතාවයන් මෙවර අයවැයෙන් ඉටුකර නැතත් රට මුහුණ දී සිටින ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ජනතාවට යම් සහන සමඟ යම් ප්‍රශස්ත වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසයි.

ඒ අනුව වෙනත් විකල්පයක් නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අයවැයේ අඩුපාඩු පිළිබඳ කතාකරන අයට විකල්ප ඉදිරිපත්කරන ලෙස තමන් ආරාධනා කරන බවද ඔහු කියාසිටියි.

පවතින තත්ත්වය අනුව සියලු දෙනා එකතු වී පවුලක් ලෙස ක්‍රියාකළ යුතු ඇති බවද ඔහු පවසයි.

”ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා මේ තියෙන ආර්ථික තත්ත්වය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි එතුමා සමහර වෙලාවට ඒ කියන ගමන්ම විවේචනය කරනවා කෝ අපි කිව්ව දේ ඇහුවෙ නෑනෙ කියලා. අපි කවුරුත් දන්නවා මෙතන වැරැද්දක් වෙලා තියෙනවා. අපිට මුදල් නැති වෙනවා කියල දැන ගත්තම ඉතාමත් කලින් අඳුනගෙන කලින් ණය ඉල්ලන්න තිබ්බා. ඉතින් ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ නැති හින්දා තමයි මේ ක්‍රියාවලිය ඇතිවුණේ. අපි කවුරුත් පිළිගන්නවා නමුත් අපි ඉස්සරහට යන්න ඕනේ. විවේචනය කරනවට වඩා මම හර්ෂ ද සිල්වා ට ස්තුතිවන්ත වෙනවා ඔහු විපක්ෂයේ ඉඳලා ඉදිරි සාධනීය කාරණා දැක්ක එක්ක ගැන. නමුත් අපි ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ දේශපාලනය පැත්තකින් තියලා එකතු වෙලා වැඩ කළොත් තමයි රට තියෙන තැනින් ඉස්සරහට ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ලෙබනනයක් වෙයි. අලුත් අනෙකුත් රටවල් එහෙම නැත්තං ලෝකයේ අනිකුත් රටවල් දිගින් දිගටම මේ ආර්ථික හානි එක්ක බැට කාපු රටක් වෙයි. ඒ නිසා මං හිතන්නේ අපි ඉස්සර වැඩකරන්න ඕනේ රට තියෙන තැනින් ඉස්සරහට ගෙනල්ලා ආර්ථිකය ශක්තිමත් කරන විදිහට. අපිට දේශපාලන වශයෙන් බෙදිලා වැඩ කරන්නත් රටක් තියෙන්න ඕනේ.”යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...