ලොවෙත් නැති වෙන්නම දිනපු දිනිල්ලෙන් පිහිටවූ වාර්තා ලැයිස්තුව මෙන්න !

Date:

දැනට 2024 මහ මැතිවරණයේ සියළු ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ එක්කම මේ පාර මැතිවරණයෙන් ජාතික ජනබලවේගය විසින් පිහිටවූ, පිහිට වීමට නියමිත වාර්තා.

  1. මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)
  2. මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)
  3. මහමැතිවරණයක ජයග්‍රහනය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)
  4. මහමැතිවරනයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)
  5. දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)
  6. මහමැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)
  7. මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)
  8. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව
  9. මීට පෙර මැතිවරණයේ 3% මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිටවූ පළමු අවස්ථාව

අර කියන්නත් වගේ ලොවෙත් නැතිවෙන්නම දිනපු දිනිල්ලක් මේක !

~ රජිත් කීර්ති තෙන්නකෝන්

RN

ස/ස –

මහමැතිවරණයකදී ලබාගත් වැඩිම මනාප : විජිත හේරත්ගේ 716,715 ක මනාප වාර්තාව ද මීට එක්විය. ( මීට පෙර 2020දී මහින්ද රාජපක්ෂ 527,364 )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...

ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද? “විකඩ්” තුළින් දිගහැරෙන සමාජ යතාර්ථය

සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස...