මහමැතිවරණයෙන් ලද ජයග්‍රහණයට අනුරට ඉන්දියාවෙන් සුබපැතුම් !

0
399

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ (නොවැම්බර් 15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ.

ඒ, ජාතික ජන බලවේගය මහමැතිවරණයෙන් ලද විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දියාවේ සුබපැතුම් පිරිනැමීම සඳහා ය.

සහෝදර ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වශයෙන් ඉන්දියාව මෙම ජනවරම පිළිගන්නා අතර දෙරට ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වී සිටින බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර සිටින්නේ.

RN