වසර 20කට පසු ටයිසන් අද නැවතත් බොක්සින් වළල්ලේ තරඟ වදී

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 58 හැවිරිදි හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් යු ටියුබ් තරුවක් වන 27 හැවිරිදි බොක්සිං ක්‍රීඩක ජේක් පෝල් සමඟ ටෙක්සාස්හිදී ගැටෙනු ඇති බව වාර්තා වේ.

මෙය මෙතෙක් පැවති විශාලතම ප්‍රදර්ශන සටන් වලින් එකක් වන අතර තරඟය පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි ආසන 80,000කින් යුත් AT&T ක්‍රීඩාංගනයේ දීය.

දේශීය වේලාවෙන් රාත්‍රී 10 ට (GMT 04:00) ආරම්භ වීමට නියමිත තරඟය Netflix හරහා ඔබට සජීවීව නැරඹීමේ හැකියාවද ඇත.

ටයිසන්ගේ අවසන් වෘත්තීය සටන වූයේ 2005 දී අවසන් වූ අතර ඉන් අනතුරුව ටයිසන් ප්‍රදර්ශන සටන් මාලාවකට තරඟ කරන ලදී. ඔහුගේ වඩාත්ම මෑත තරඟය 2020 නොවැම්බර් 28 වන දින රෝයි ජෝන්ස් ජූනියර්ට එරෙහිව ය.

මේ වන විට ටයිසන් සමඟ ඇති වයස් පරතරය සම්බන්ධයෙන් පෝල්ට ද විවේචන එල්ල වී ඇති අතර සටන සිදුවන විට ටයිසන් පෝල්ට වඩා අවුරුදු 31ක් වැඩිමල්ය. ටයිසන් වඩාත් පළපුරුදු සටන්කරුවා වුවද, ඔහුගේ වළල්ලේ රජ වී දශක ගණනාවක් ගත වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...