වසර 20කට පසු ටයිසන් අද නැවතත් බොක්සින් වළල්ලේ තරඟ වදී

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 58 හැවිරිදි හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් යු ටියුබ් තරුවක් වන 27 හැවිරිදි බොක්සිං ක්‍රීඩක ජේක් පෝල් සමඟ ටෙක්සාස්හිදී ගැටෙනු ඇති බව වාර්තා වේ.

මෙය මෙතෙක් පැවති විශාලතම ප්‍රදර්ශන සටන් වලින් එකක් වන අතර තරඟය පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි ආසන 80,000කින් යුත් AT&T ක්‍රීඩාංගනයේ දීය.

දේශීය වේලාවෙන් රාත්‍රී 10 ට (GMT 04:00) ආරම්භ වීමට නියමිත තරඟය Netflix හරහා ඔබට සජීවීව නැරඹීමේ හැකියාවද ඇත.

ටයිසන්ගේ අවසන් වෘත්තීය සටන වූයේ 2005 දී අවසන් වූ අතර ඉන් අනතුරුව ටයිසන් ප්‍රදර්ශන සටන් මාලාවකට තරඟ කරන ලදී. ඔහුගේ වඩාත්ම මෑත තරඟය 2020 නොවැම්බර් 28 වන දින රෝයි ජෝන්ස් ජූනියර්ට එරෙහිව ය.

මේ වන විට ටයිසන් සමඟ ඇති වයස් පරතරය සම්බන්ධයෙන් පෝල්ට ද විවේචන එල්ල වී ඇති අතර සටන සිදුවන විට ටයිසන් පෝල්ට වඩා අවුරුදු 31ක් වැඩිමල්ය. ටයිසන් වඩාත් පළපුරුදු සටන්කරුවා වුවද, ඔහුගේ වළල්ලේ රජ වී දශක ගණනාවක් ගත වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...