*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

ඇස් උඩ යවන මාස හතරේ පාඩුව …

පසුගිය සටහන් කිහිපයකින්ම රාජ්‍ය ව්‍යවසාය වල ලාබ පාඩු පිළිබඳ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළා. අවසන් සටහනෙන් ඉදිරිපත් කළේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක 2021 වසර තුළ ලාබ හෝ අලාබ. එම ලාබ හා අලාබ වල ශුද්ධ එකතුව රුපියල් මිලියන (-86,042)ක්. මෙය ගිණුම්කරණ අලාභය මිස ආර්ථික අලාභය නෙමෙයි. මේ ආයතන වලට යට කර තිබෙන ප්‍රාග්ධනය වෙනුවෙන් රජය විසින් වසර තුළ ගෙවූ පොලිය පිරිවැයක් ලෙස එකතු කළොත් මෙම ගණන මීට වඩා ගොඩක් වැඩි වෙනවා.

ඉහත ආයතන 52 අප විසින් හිතාමතා තෝරාගත් ආයතන 52ක් නෙමෙයි. රජය විසින්ම ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය ලෙස හඳුනා ගෙන තිබෙන ආයතන. ඒ වර්ගීකරණයේ නිරවද්‍යතාවය කෙසේ වුවත්, මෙම ආයතන රජය විසින්ම මධ්‍යම රජයෙන් බැහැර මූල්‍යමය ලෙස ස්වාධීන ආයතන ලෙස හඳුනාගෙන තිබෙන ආයතන. එම ආයතන වල ආදායම් සෘජුව රජයේ ආදායම් ලෙස සටහන් නොවනවාක් මෙන්ම එම ආයතන වල වියදම් සෘජුව රජයේ වියදම් සේ සටහන් වන්නේද නැහැ. එහෙත් මේ ආයතන පාඩු ලබද්දී අවසාන වශයෙන් එම පාඩුව පියවන්න සිදු වන්නේ බදු ගෙවන්නන්ටයි.

මගේ සටහන තුළ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට මා කිසිවක් යෝජනා කර නැහැ. පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කළ යුතු බව ඇතැම් අයගේ අදහසයි. විවිධ හේතු දක්වමින් මෙම ආයතන පාඩු පිට හෝ පවත්වාගෙන යා යුතු බව අදහස් කරන අයද සිටිනවා. කළ යුතු දෙය දේශපාලනික කරුණක්. අප මෙහි ප්‍රධාන වශයෙන්ම කරන්නේ වඩා හොඳ, දැනුවත් තීරණයක් ගැනීම සඳහා උදවුවක් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමක්.

දැන් අපි 2021 සිට මේ වසරට එමු. මේ වසරේ මුල් මාස හතර තුළ ඉහත ආයතන 52හි කාර්ය සාධනය පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යාංශයේ තිබෙනවා. කලින් ලිපි දෙකම තරමක් දිග නිසා මම තවත් දිගු ලැයිස්තුවක් ටයිප් කරන්න යන්නේ නැහැ. පහත තිබෙන්නේ ලැයිස්තුවේ ඇති ආයතන තුනක 2022 මුල් මාස හතරේ අලාභය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව – රුපියල් මිලියන 628,381යි

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම – රුපියල් මිලියන 248,441යි

ලංකා විදුලිබල මණ්ඩලය – රුපියල් මිලියන 47,190යි

ආයතන තුනේ 2022 පළමු මාස හතරේ අලාභ වල එකතුව – රුපියල් මිලියන 924,012යි

මේ පාඩු වලට හේතුව කුමක්ද, පාඩු අඩු කර ගත හැක්කේ කොහොමද වගේ දේවල් මම මේ සටහන තුළ කතා කරන්න යන්නේ නැහැ. කළ යුතු දේ ගැන කතා කරන්න ඕනෑ තරම් අය ඉන්නවනේ. ආයතන තුනේ මාස හතරේ පාඩුව ඕකයි. එච්චරයි.

ඔහොම කිවුවට අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා, තවත් සංඛ්‍යාලේඛණ කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

අදාළ මාස හතරේ රජයේ බදු හා බදු නොවන ආදායම් හා ප්‍රදාන ලෙස ලැබුණු සියලු මුදල් එකතුව – රුපියල් මිලියන 631,129යි.

අදාළ මාස හතරේ පොලී ගෙවීම් හැර රජයේ සමස්ත වියදම – රුපියල් මිලියන 728,443

අදාළ මාස හතරේ පොලී ගෙවීම් – රුපියල් මිලියන 426,786

ඉහත අලාභය ඔය කොයි එකටත් වඩා වැඩියි. ලංවිම අයින් කරලා ඉතිරි දෙක විතරක් ගත්තත් ඒකේ වෙනසක් නැහැ.

තවත් පැහැදිලි කරන්න අවශ්‍යනම් මෙහෙමත් කියන්න පුළුවන්. ලංකාවේ ජීවත් වන පවුල් ගණන මිලියන 5.1ක්. රුපියල් මිලියන 924,012ක් කියා කියන්නේ එක පවුලකට රුපියල් 180,000 බැගින් බෙදා දීමට ප්‍රමාණවත් මුදලක්.

පාඩු ලබමින් රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සාධාරණීකරනය කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ හේතු මත මේ ආයතන පාඩු ලබමින් පවත්වා ගෙන යාම සහ අතට රුපියල් 180,000ක් ලැබෙන එක අතර තේරීමක් තිබුණොත් කී දෙනෙක් තව දුරටත් මුල් අදහසේ දිගටම ඉන්නවද?

ඔය ආයතන පෞද්ගලීකරණය කළා කියලා පවුලකට අතට රුපියල් 180,000ක් ලැබෙන එකක් නැහැ. ඒක ඉතාම පැහැදිලියි. හැබැයි ඔය ආයතන වල මාස හතරක පාඩුව පියවන්න විතරක් රජයට මොන විදිහකින් හෝ එක පවුලකින් රුපියල් 180,000ක් එකතු කර ගන්න වෙනවා.

තවත් දෙයක්. තෙල් සංස්ථාව ඔය වගේ දැවැන්ත පාඩුවක් ලබද්දී ලංකා IOC සමාගම වසරේ පළමු මාස තුනේදී රුපියල් මිලියන 3,956ක ලාබයක් හොයලා එයින් රුපියල් මිලියන 682ක් රජයට බදු විදිහට ගෙවලත් තියෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan