දැඩි අනතුරක වැටුණු රටේ ආර්ථිකය දැන් සතුටුදායකයි – මහබැංකු අධිපති

රුපියල අවප්‍රමාණයට සහ උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන හේතු කිහිබලපෑ බව මහබැංකු අධිපතිතුමා පවසයි .

ශ්‍රී ලංකා මහබැංකු අධිපතිතුමා මේ බව 2022.11.15 දින මුදල් අමාත්‍යාංශ සම්මන්ත්‍රණයක් අමතමින් කියාසිටී . රට මෙවැනි අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැයේ අන්තර් ගත බව මහබැංකු අධිපතිතුමා කීවේය .

ජනවාරි මාසයෙන් පසු අපගේ සංචිත තිබූයේ අඩුවෙන සහ තවත් ඉදිරියට නොලැබෙන තත්ත්වයකයි. අපට ණය ගෙවීමට තවදුරටත් හැකියාවක් නොමැතිව තිබියදී මහ බැංකුවෙන් ඩොලරයේ අගය රුපියල් 203 ට පවත්වාගෙන ගිය අතර , සංචිත තිබූ ප්‍රමාණයත් ණය ගෙවීමට සහ ඉන්ධන ගෙන්වීමට වියදම් කල බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය .

එසේ කිරීමටත් නොහැකි වූ විට මාර්තු මාසයේ රුපියල පාකර හැර , කිසිදු පාලනයකින් තොරව රුපියල 203 සිට එක්වරම 365, 380 දක්වා ඉහළට යෑම සිදුවිය. දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය වැඩි විය. එවිට ඊළඟ විසඳුම වූයේ මුදල් ප්‍රතිපත්තිය වැඩි කිරීමයි . ඒ අනුව අප්‍රේල් මාසයේ සිට පොලී අනුපාතය වැඩි කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය. ඒ සමඟම මුදල් අච්චු ගැසිම අඩු කර ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගනු ලැබූ බවද මහබැංකු අධිපතිතුමා තවදුරටත් පැවසීය .

රෂිකා හෙන්නායක
2022.11.16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...