*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ජැක්ලින් ෆර්නැන්ඩස්ට ඇප

ජැක්ලින් ෆර්නැන්ඩස් වෘත්තීයව ඇය නිරෑපිකාවකි.1985 අගෝස්තු 11 උපත ලැබූ ඇය 2006 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින බවට පත් වූවාය. . බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගත්තේ ඇගේ බොලිවුඩ් ආගමනය නිසායි.
ප්ප්ප්ප්
පසුගියදා ඇය පිළිබඳ අසන්නනට ලැබුණේ ඇයව අතඩංගුවට ගැනීමක් සිදු වූ බවය. එයට හේතුව පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කප්පම් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ, බලධාරීන් හා ඉන්දියානු පුවත්පත්වල අපකිර්තියට ලක්වූ 32 හැවිරිදි සුකේෂ් චන්ද්‍රසේකර් සහ ෆර්නැන්ඩස් අතර පවතින සම්බන්ධතාවය නිසා මෙම නඩුවක් පැවරී තිබීමයි.

අධිකරණ ලේඛනවලට අනුව, වෙනත් නඩු සම්බන්ධයෙන් 2018 සිට සිරගතව සිටින චන්ද්‍රශේඛර්ට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නව පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ, ඔහු 2020 දී ව්‍යාපාරික පවුලකින් ඉන්දියානු රුපියල් බිලියන 2 ක් කප්පම් ගත් බවට වන චෝදනවකි. ඔහුගේ නීතීඥ අශෝක් කේ සිං තම සේවාදායකයාට එරෙහිව ඇති සියලුම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ” මේ සඳහා ඔහු හසුකර ඇතැයි ” යනුවෙන් පැවසීය .

පසුගිය වසරේ පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී චන්ද්‍රසේකර් විසින් ජැක්ලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් මිලියන 71.2 ක තෑගි දී ඇති බවත්, එයට හෑන්ඩ්බෑග්, ඇඳුම් පැළඳුම්, ස්වර්ණාභරණ, අශ්වයෙක්, ඇගේ සහෝදර සහෝදරියන්ට සහ දෙමාපියන්ට මෝටර් රථ, දේපළ හා මුදල් ද අයත් බව මෙම නඩුව විභාග කිරීමේදී සොයා ගත් බව නිලධාරීහු පවසති.

ෆර්නැන්ඩස් ත්‍යාග ප්‍රතික්ෂේප නොකරන නමුත් ඇයගේ නීතීඥ පටිල් මහතා පවසන්නේ ඇය සංකීර්ණ අපරාධයක “ගොදුරක්” බවයි.

කෙසේ වෙතත් සුකේශ් චන්ද්‍රසේකර් වංචාකල කෝටි 200 නඩුවට අදාලව ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැක්ලීන්ව වරදකරු කරමින් ඇයට එරෙහිව නඩු පවරණ ලැබූවත් දිල්ලි මහාධිකරණය විසින් ඇයට ඇප නියම කරනු ලැබුවා.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරුන් ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකයේ නිළධාරීන්ගෙන් විමසා සිටියේ ජැක්ලීන් වරදකරු නම් ඇයව අත්අඩංගුවට නොගත්තේ මන්ද යන්නයි.

එහිදී ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකයේ නිළධාරීන් නිරුත්තර වූ අතර මූල්‍ය වංචා පිලිබඳ පොලිස් මූලස්ථාන ඒකකය හා සිදුකල විමර්ශන වාර්තාද අධ්‍යනය කිරීමෙන් අනතුරුව මහාධිකරණය විසින් ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මෙනෙවිය හට ඇප නියම කරනු ලැබූවා. පටියාලා හවුස් අධිකරණයේ විශේෂ විනිසුරු ශෛලේන්ද්‍ර මලික් විසින් ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඇප නියම කළේය. මීට පෙර ඇයට අතුරු ඇප නියම වී තිබුණි.

මෙය විමර්ශනය කරනු ලබන්නේ ඉන්දීය රජයේ මූල්‍ය අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසිනි.

කෙසේනමුත් අදාළ නඩු කටයුත්ත හේතුවෙන් ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මහත්මියගේ පෞද්ගලිකත්වයට මෙන්ම වෘත්තීය ජීවිතයට දැඩි හානියක් සිදුව තිබෙනවා.

රෂිකා හෙන්නායක
2022.11.16

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan