පියවා නැති බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 200ක් – මුදල් අමාත්‍යාංශ ලේකම්

රජය දැනට පියවා නැති බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 200 ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

” මහබැංකු අධිපතිතුමා පැවසූ පරිදි අපි සිටින්නේ ඉතාමත් අර්බුදයකයි. මට එය ඉතා ගැඹුරු අර්බුදයක් . ඒක මට කියන්න පුළුවන් මොකද එයට ඍජුවම මුහුණ දෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා මමයි. මේ අර්බුදයට හේතු සාධක වී ඇත්තේ පැවති රජයන් අනුගමනය කළ ස්ථාවර නොවූ අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසයි. භාණ්ඩාගාරය පැත්තෙන් ගතහොත් අපේ එදිනෙදා මුදල් ප්‍රවාහන හසුරවනවිට මට පෙනී යන්නේ මේක කොතරම් දුෂ්කර කාලයක්ද යන්න. එදිනෙදා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීම් කිරීමටවත්, වැටුප් ගෙවීමටත් , ඇතැම් විට සහනාධාර ලබාදීමටවත් ආදායම ප්‍රමාණවත් නැත. මෙහි ප්‍රථිඵලයක් ලෙස බිලියන 200 ක පමණ බිල්පත් ඉදිකිරීම් හා අනෙකුත් ආයනයන්ට ගෙවීමට තිබෙනවා. එම නිසා මෙම ක්ෂේත්‍රයන් තුළ පවතින තත්ත්වය මම ඉතා හොඳි දන්නවා. නමුත් රජය ඒවා පියවන තත්ත්වයක නැහැ. “

යනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා ඉතාමත් වගකීමෙන් යුක්තව ප්‍රකාශ කළේය .

මෙම බරපතල හේතුව නිසා රජය ආදායම් උත්පාදනය කිරීමට නව මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ගෙන එන බවත් කැප කිරීමකින් තොරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සිදු කළ නොහැකි බවත් ලේකම්වරයා සඳහන් කරයි.

එසේම පසුගිය අප්‍රේල් මාසයේදී රේඛීය අමාත්‍යංශවලට ඔවුන්ගේ වියදම් අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට පළමු චක්‍රලේඛය නිකුත් කළ බව හා එම ක්‍රියාමාර්ගයේ යම් සාධනීය ප්‍රතිඵල මේ වන විට දැක ගත හැකි බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

රෂිකා හෙන්නායක
2022.11.16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...