කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට උත්තරීතර මණ්ඩලයක් ?

Date:

කැබිනට් මණ්ඩලයේ කටයුතු පිළිබඳ අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබාදීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලුම යෝජනා, ව්‍යාපෘති, ටෙන්ඩර් පටිපාටි යනාදී සියල්ල මෙම විශේෂ කමිටුවේ අධීක්ෂණයට ලක්කෙරෙනු ඇති බව සඳහන්.

දූෂණ, වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අමාත්‍යවරුන්ගේ අභිමතය පරිදි හෝ ඉහළ නිලධාරීන්ගේ මෙහෙයවීම පරිදි කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් සිදුවූ විවිධ අක්‍රමිකතා, වංචා, දූෂණ පිළිබඳව පසුගිය කාලයේ සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබුණු අතර මෙවන් විශේෂ කමිටුවක් හරහා එවන් සිදුවීම් සහමුලින්ම ඇහිරීමට හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...