*
Tuesday, December 10, 2024
spot_img

Latest Posts

ලංකාවේ කාන්තා බැඩිමින්ටන් වෘතාන්තයේ පෙත්තක් – රනිත්මාට බහරේන් ජය ගන්නට සුබ පැතුම්!

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 17,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ අනාගතය පැහැබරව දැකිය හැකි මොහොතක් අද (නොවැම්බර් 17) ඉර බැස යන්නට මත්තෙන් දකින්නට හැකි වනු ඇතැයි සිතිය හැකිය.ඒ රනිත්මා ලියනගේනම් 17 හැවිරිදි ක්‍රීඩිකාව බහරේන් ජාත්‍යන්තර තරගාවලිය් සූරිය වීමෙන්ය.ඇය තවමත් සූරතාවය දිනා නැත.දිනනු ඇතැයි හැඟෙන පරිදි ක්‍රීඩා කරමින් ඇත.ඒ හැඟීම සිහිනයක් නොවී යථාර්තයක් කිරීමට ඇයට හැකියාවත්,එය යථාර්තයක්ව දැකීමට අපට වාසනාවත් අවශ්‍යය කරන මොහොතක මේ සටහන ලියා තබන්නෙමු.


මිට පෙර කෞශලී දිසානායකලාගේ සිටම,සමහර විට ඊටත් පෙර සිට අප නොදන්නා ඉතිහාසයකට බැදුණු, ලංකාවේ බැඩිමින්ටන් ජයග්‍රහණ ජාත්‍යන්තර වශයෙන් වාර්තා වී ඇති අවස්ථා තිබිය හැකිය.ඉනික්බිති චන්ද්‍රිකා ද සිල්වා,තිළිණි ජයසිංහ,අචිනි රත්නසිරි,උපුලි වීරසිංහ,තිළිණි හෙන්දහේවා වැනි ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයේ තබා ඇති ඓතිහාසික මතක කිසිවක් මේ වචනවලින් සැහැල්ලුවට ලක් වෙන්නේ නැත.එහෙත් මෑත කාලීනය බොහෝ පහරවල් දරා ගනිමින් අනාගතයට වඩා පලදායි ආයෝජන කිරීම කෙරෙහි ශ්‍රී ලංකා බැඩිමින්ටන් යොමු කළ අවධානය මල්පල ගැන්වෙමින් තිබෙන බව බහරේන් ජාත්‍යන්තර සූරතාවලිය හරහා දැක ගන්නට හැකි වි තිබේ.


දැන් ඊ ළඟට මේ සඳහා විරුද්ධ වන්නට ඇති අයිතිය ඔස්සේ මේ තරගාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල සිටින ක්‍රීඩකයන්ගේ වතගොත ඉදිරියේ තබා ගන්න තර්ක ඉදිරිපත් වන්නට ද ඉඩ ඇත.එහෙත් ජාත්‍යන්තර ජයග්‍රහණ යනු ශ්‍රී ලංකාවට අභියෝගයක් වන්නේ බැඩ්මින්ටන් පෝෂ්‍යදායක ලෙස පොහොසත් රටවල ක්‍රීඩා සංස්කෘතීන් සමග ලබන ජයග්‍රහණ ශ්‍රේණිගත අංකවලින් මැනීමට නොහැකි බව අප විසින් කියා ඇති නිසාත්,එය ඇත්තක් නිසාත්ය.


ඊට හේතුව පොහොසත් සංස්කෘතික තත්ත්වයන් සහ ඒ ඇතුළෙ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට ලැබෙන විශාලතම පහසුකම වන්නේ අති දක්ෂයන් සමඟ තරගකාරී අත්දැකීම් හුවමාරුවට ලැබෙන ඉඩය.වෘත්තිමය පසුබිමක වැඩ කරන්නට ලැබෙන ඉවය.භෞතික වශයෙන් හිමි වන පහසුකම්ය.එවැනි පසුබිමක හැදී වැඩෙන පිරිස් අතර ඇතිවන ඉහළ තරගකාරිත්වය නිසා ජාත්‍යන්තර ශ්‍රේණි අංකය කුමක් වුව ද,එවැනි සංස්කෘතික අනන්‍යතාවයක් රහිත රටක ජාතික සූරයෙකු හා සමාන දස්කමක් එවැනි සංස්කෘතියක් සහිත රටක සාමාන්‍ය ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් තුළ දැකිය හැකිය.


එවැනි අලුත් සංස්කෘතික විහිදීමක් අපේක්ෂා කරන්නේනම්,ඒ සඳහා ගත වෙන තත්පරයේ දක්ෂතා ස්පර්ශ කිරීමට වඩා අනාගතය වෙනුවෙන් වැඩ කිරිම වැදගත්ය.මේ තත්පරය සහ දියුණු පොහොසත් සංස්කෘතික පරාසය තුළ ඇති දුර අතික්‍රමණය කිරීම අපහසුය.එහෙත් අනාගතයට සූදානම් වීමේදී ඒ දුර අතික්‍රමණය කරන්න කාලය විසින් සකස් කරන දුර, අතිශයින් වැදගත් සහ පලදායී විදිහට භාවිතා කරන්නට හැකිය.


උදාහරණයකට ලංකාවෙන් නිර්මාණය වූ නිලූක කරුණාරත්න යනු සාමාන්‍ය මට්ටමට ඇතින් සිටි ක්‍රීඩකයෙක්ය.ඔහුට අභියෝග කිරීම,ඔහුගේ කාලය තුළම ඔහුට සමාන ක්‍රීඩකයන් පොකුරක් තනා ගැනීමට සිහින දැකපු බැඩිමින්ටන් උත්සාහය ඊට දශක ගණනකට පසුපසින් හැඳෙන පරපුරක් දෙස අද සතුටෙන් බලා ඉන්නේ සැළසුම් සකස් කිරීමේ ක්‍රමය අතින් වර්ථමානයේ ඉදරියෙන් සිටින බැවින්ය.නිලූකව අභිබවා යන්නට,නිලූකට ලැබිය යුතු සම්පත් කප්පාදුවට වෙහෙස වූ විශාල පරිසරයක් අපි අත් විඳ ඇත්තෙමු.එහෙත් නිලූක හිටිය දුරට ළඟා විමට අපහසු මොහොතක,ඒ දේ වෙනුවට ඊට පසු පරම්පරාවන් සැළසුම් සහගතව මෙහෙයවීම ගැන සිතුවේනම් බැඩිමින්ටන්වලට කාලයක් බලාපොරොත්තු සහගතව ජාත්‍යන්තරය තුළ රැදී සිටින්නට ඉඩ සැළසෙනු ඇත.


මේ පවතින පරිපාලනය සහ ඊට නායකත්වය දෙන රොහාන් දසිල්වා සිය පෞද්ගලික ධනය ද වැය කරමින් කළ සත්කාරය එබදුය.අද අවුරුදු 20 දී ඔලිම්පික් නියෝජනය සඳහා සුදුසුකම් ලද අයෙක් ලෙස විරෙන්ද්‍ර නෙත්තසිංහ බලා සිටියි.ආශිංසන හේරත් මෙවර බහරේන් තරගාවලියේදී දැක් වූ දක්ෂතා මෙන්ම දක්වමින් සිටින දක්ෂතා ද අනුව අවුරුදු 18 ක ක්‍රීඩකයෙක් ලෙස අනාගතයට ඇති ඉඩ වැඩිය.දුමිදු අබේවික්‍රම,තිළිණ රාජකරුණා ආදී ලෙස නම් විහාල ගණනක් ජාත්‍යන්තර තලයේ දක්වන සැළකිල්ල අනුව විරේන්ට මේ පොළව මත ඇති වන අභියෝගය ඉහළ යනු ඇත.එවැනි තරගකාරීත්වය රටක වැඩි වීම අතිශයින් වැදගත්ය.ඒ නිසා පලදායි ලෙස එම තරගකරුවන්ට ලෝකය සමඟ තරග කරන්නට දීම වැදගත්ය.ඉහළ මට්ටම මෙන්ම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ කය සහ මනස මෙහෙයවීමට ලැබෙන වෘත්තීය මට්ටම ද අතිශයින් වැදගත්ය.


අප මාතෘකාව කර ගත් බහරේන් සටනේ කාන්තා අවසාන පූර්ව තරග සඳහා පැමිණි ඉසුරි සහ සිතුමි යුගලය ද,ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර තරග අවස්ථාවේදී ද කැපී පෙණුන යුගලයක් විය.තවමත් 15 හැවිරිදි එම යුගලය මේ පෙන්වන්නේ සහ ඉල්ලන්නෙ අපෙන් තව වැඩ ගන්න හොඳට බලාගන්න කියන ඉල්ලීමය.මේ අතර වැදගත්ම මාතෘකාව වන්නේ රනිත්මා ය.ඇය තවමත් 17 හැවිරිදි ය.වසර දෙකක කාලයක් පමණ ඇයව නිසි පරිදි කියවීමක් ශ්‍රී ලංකා බැඩිමන්ටන් වෙතින් දකින්ට ලැබිණ.
ජාතක සූරිය වන මට්ටමට දැනටමත් පැමිණ තිබෙන ඇය චිනයේ පැවති කණිෂ්ඨ ලෝක සූරතාවලියේදී ප්‍රවීන සහ වෘත්තීය බැඩිමින්ටන් සූරියක සතුන තිබිය යුතු සකල විධ ගුණාංග පෙන්වන්නට සමත් වූවාය.නමනීයත්වය,ප්‍රතික්‍රීයක වේගය,දරා ගැනීම,උපායශිලීත්වය,මානසික ඒකාග්‍රතාවය වැනි කාරණාවලින් පිරුණු තරගකාරියකගේ ලක්ෂණවලින් පොහොසත්ව වැඩෙන්නට ඇයට මේ වන විට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපතිවරයා විසින් සම්පාදනය කර ඇති ඉන්දුනීසියානු බැඩිමින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග එක්ව පුහුණු වෙන්නට ලැබි තිබෙන ඉට විශාල ලෙස උපකාර වන්නට ඇත.


විශේෂයෙන් දරා ගැනීමෙන් පොහොසත් ක්‍රීඩිකාවක ලෙස සිය ශාරිරික යෝග්‍යතාවය සමඟ නොසැලෙන මනස සුරක්ෂිතව තබා ගන්නා ආකාරය මෑත කාලයේ දී ජාත්‍යන්තර පිටියේදී අපි බොහෝ විට දැක ඇත්තෙමු.ෙම් තරගාවලියේදී ද පිලිපීන ක්‍රීඩිකා ගුස්මාන් මිකෙලියා ජෝයි පරාජය කරද්දී ඒ පරිණත බව ඇයගෙන් දැක්කාය.ලකුණු 21-11,8-21 සහ 21-18 ක් වූ එම තරගය මෙන්ම අවසාන තරගයේදී ඇයට හමුවන ඉන්දීය ක්‍රීඩිකා ප්‍රක්රිටි භාරත් සමඟ වන තරගය ද ඒ ආකාරයම මනසත් කයත් වෙහෙසවිය යුතු තරගයක් විය හැකිය.


ප්‍රක්රිටී භාරත් ජූනි මාසයේදී ස්පාඤ්ඤ අවුරුදු 19 න් පහළ කණිෂ්ඨ සූරතාවය දාන ඇති ක්‍රීඩිකාවය.එමෙන්ම මේ තරග බිමේදී ම ගෙවුණු සැප්තැම්බරයේ ඇය බහරේන් අවුරුදු 19 න් පහළ කණිෂ්ඨ ජාත්‍යන්තර තරගාවලියේ දී ද සූරිය වී ඇත.ඒ නිසා පරිසරය සහහ එළැඹුමේ ඇති දක්ෂතා රනිත්මාගේ ශ්‍රේණියට වඩා ඇය ජාත්‍යන්තර වශයෙන් පහළ ශ්‍රේණියක සිටිනවා යන කාරණය මත රැදී රනිත්මාට පහසු තරගයක් ලෙස අරුත් ගැන්වීමට කිසිසේත්ම ඉඩක් නැත.


තරගාවලිය ආශ්‍රීත කියවීම මත අංක එකට සිටි පෝලන්තයේ වික්ටෝරියා ප්‍රික්රිට් ට පැරදුණේ නැත.එහෙත් අවසන් පූර්ව තරගයේදී ප්‍රික්රීට් පරාජය කළේ වික්ටෝරියාව පරාජය කළ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ ඉන්දිය ක්‍රීඩිකාවක වන ප්‍රෙරානා එන් සෙට් ය.ඒ නිසා අවසන් තරගය ලෝක හ්‍රේණිගත කිරීම් මත හැපී පහසු යැයි නලියන්නට නොහැකිය.එය තනිකරඑම ලංකාවේ වර්ථමාන බැඩිමින්ටන් අනාගතය ගැන සිතූ සිතුවිලිවල සහ සැළසුම්වල වර්ගපලය මැන බලන,එහි සාධකය වන රනිත්මාගේ අනාගතය ගැන බලාපොරොත්තු ගව් ගණනකින් ඉදරියට ගෙන යන තීරණාත්මක මොහොතක් වනු ඇත.එය එසේ වන රනිත්මාගේ ජය දෙස කෙතරම් අපහසු වුව ද,ඇය කරනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව අපි බලා සිටින්නෙමු.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan