මුදල් වංචා කළ යුවලක්, අත්අඩංගුවට, විදෙස් රැකියා ලබාදෙන බව පවසා මිනිසුන් රවටලා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේදී විදෙස් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ යුවලක්, අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කහතුඩුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වන අතර,ඔවුන් සන්තකයේ තිබී විදෙස් ගමන් බලපත්‍ර 66 ක් ද, පොලිස් භාරයට ගෙන ඇත.

රාජගිරිය ප්‍රදේශයේ මාර්ග අසළ රැඳී සිට විදෙස් රැකියා දෙන බව පවසා, ඔවුන් පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අතර,රැකියා අපේක්ෂිත පුද්ගලයින් සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවන බව, සඳහන් කරමින් ඔවුන් රුපියල් ලක්ෂ 2 ත් 3 ත් අතර මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව ද, අනාවරණය වී තිබේ.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 20 ක් ද, සොයා ගැගැනුණු බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...