මුදල් වංචා කළ යුවලක්, අත්අඩංගුවට, විදෙස් රැකියා ලබාදෙන බව පවසා මිනිසුන් රවටලා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේදී විදෙස් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ යුවලක්, අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කහතුඩුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වන අතර,ඔවුන් සන්තකයේ තිබී විදෙස් ගමන් බලපත්‍ර 66 ක් ද, පොලිස් භාරයට ගෙන ඇත.

රාජගිරිය ප්‍රදේශයේ මාර්ග අසළ රැඳී සිට විදෙස් රැකියා දෙන බව පවසා, ඔවුන් පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අතර,රැකියා අපේක්ෂිත පුද්ගලයින් සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවන බව, සඳහන් කරමින් ඔවුන් රුපියල් ලක්ෂ 2 ත් 3 ත් අතර මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව ද, අනාවරණය වී තිබේ.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑම් 20 ක් ද, සොයා ගැගැනුණු බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...