විපක්ෂ නායක ධුරය හර්ෂට. සජිත් තවදුරටත් පක්ෂ නායකත්වයේ ..?

Date:

මෙවර මහමැතිවරණයෙන් ලද දරුණු පරාජයත් සමග පක්ෂය තුළ ප්‍රබල වෙනසක් අවශ්‍ය බවට මතවාදයක් සමගි ජන බලවේගය තුළ පැතිර යන බව ආරංචිමාර්ග පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ මේ වනවිට ජනාධිපතිවරණ දෙකක් සහ මහමැතිවරණ දෙකක් පරාජයට පත්ව ඇති අතර එම මහමැතිවරණ දෙකේදීම ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් හිමිවීම වළක්වා ගැනීමට හෝ සජබ අසමත් වීම කෙරෙහි පක්ෂයේ බොහෝ අයගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

එසේම සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයා වශයෙන් ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ආණ්ඩු පක්ෂයට ප්‍රශ්න 150ක් ඉදිරිපත් කරමින් උද්‍යෝගමත් ලෙස කටයුතු කළත් එය ජනතාවගේ ආකර්ෂණයට හේතුවී නොමැතිය යන්න ඔවුන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම ජනතාව සාම්ප්‍රදායික දේශපාලනය සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් වාමාංශික ආණ්ඩුවක් බිහිකර, ඊට තුනෙන් දෙකකටත් අධික බලයක් ලබාදී ඇති මොහොතක ප්‍රධාන විපක්ෂය වශයෙන් සජබ ද ප්‍රබල වෙනසක් ජනතාවට පෙන්නුම් කළ යුතුය යන යෝජනාවත් පක්ෂය තුළින් බරපතළ ලෙස ඉදිරියට පැමිණ ඇති බවත් සඳහන්.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටියදී විපක්ෂ නායක ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබාදිය යුතු බවට දැඩි මතයක් පක්ෂය තුළින් පැමිණ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ සිටින ජනප්‍රිය මෙන්ම උගත්, බුද්ධිමත්, විදෙස් අත්දැකීම් ද සහිත නායකයකු බැවින් මේ මොහොතේ විපක්ෂයට නායකත්වය දීමට ඔහු සුදුසු බවට යෝජනාව ඉදිරිපත්ව ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මේ යෝජනාවට පක්ෂයේ බොහෝ අය අප්‍රසිද්ධියේ අනුමැතිය පළකර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...