වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW:

තරගාවලිය 3-0 ට පරාජය වුණත් රටකට ඉහළම ගෞරවයක් අත් කර දීමට පකිස්තානයට එරෙහිව තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.මිත්‍රශීලීත්වය සම රාජ්‍යතාන්ත්‍රිකභාවය වෙනුවෙන් පෙනී සිටිම වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ ලද පරාජය පෙන්නුම් කරන්නේනම් කණ්ඩායම තුළ වෙනසක් සිඳුවීමේ අවශ්‍යයතාවය බව පැහැදිළියි.
විශේෂයෙන් සනත් ජයසූරිය පුහුණුකරුවෙකු ලෙස තමන් සතු කරගෙන සිටි සීමාව ඉක්මවා කළ යුතු දේ ගැන සිතිය යුතුයි.තමන්ගේ ආරට පුහුණු කරනවා කියන කාරණයට එහා ගොස් පුහුණුකරණය පිළිබඳව දැණුම තව දුරටත් අවශෝෂනය කර ගැනිමේ අවශ්‍යයතාවය මේ පරාජයන් තුළින් ගම්‍ය කරන බවක් පෙනෙන්නට තිබෙනවා.


අර්ජුන රණතුංග නිතරම පවසන ශ්‍රී ලංකා කණ්ඩායමට මඟ පෙන්විය හැකි ලාංකේය ක්‍රීඩක පරම්පරාවේ ඉදිරියෙන්ම කියවුණ නමක් තමයි සනත් ජයසූරිය.ඔහු එම වගකීම පැවරෙන මුල් මොහොතේ දී හොඳින් කළත් කාලයට අනුව වෙනස්විමේ හැඩයක් නොපෙන්වන නිසා ඒ ක්‍රමය පරණ වෙමින් සහ දිරමින් තිබෙන බව දකින්නට තිබෙනවා.සනත් ද පුහුණුකරු වෙන්නට ප්‍රථම එවැනිම ආසන්න අදහසක සිටිමින් පැවති කණ්ඩායම් ව්‍යහුය විවේචනය කළ බවත් අපට මතකයි.


තෙවන තරගයේ පරාජය සදහා හොඳ ලකුණු සහිත ඉණිමක් ගොඩ නඟන්නට නොහැකි වීම ප්‍රධාන වශයෙන් බලපෑවා.එහිදී ලෙඩ ගොඩක් නිසා ඉඩක් ලද පවන් රත්නායකව පිතිකරු නාමාවලියේ එන්න එන්න පහළට දමා දැඩි පීඩනයක පන්දුවට පහර දෙන්නට සැළස්විම තුළ එක බලාපොරොත්තුවක් වන්නට ඇත්තේ ඔහු කණ්ඩායමට නොතේරීම සාධාරණය කිරීම වෙන්නත් පුළුවන්.කෙසේ වුවත් ඔහු දුන් අවස්ථාව තුළ හොඳ ඉණිමක් ගොඩ නඟමින් විශ්වසනිය සහයකයෙකුද නැතුව දුවද්දි දැවී යන විට පන්දු 37 න් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.


ගලා යාම පරාජය වූ වීට ඇඟිල්ල තේරීම් කමිටුවට සහ පුහුණුකරුවා ඉලක්ක කර ගැනිම සාධාරණයි.ඒත් මේ මොහොතේ සම්ප්‍රදායක් විදිහට ඇඟිල්ල දිගු කිරීම වෙනුවට සිඳු වෙමින් තිබෙන දේ තේරුම් ගැනීම සහ ගලාගෙන යන හැඩය අනෙකාගේ ආක්‍රමණවට නතුව තිබියදී වෙනත් මාර්ග ගැන නොසොයන එක කණගාටුදායකයි.ඒ කණගාටුවට පිළිතුරු බැඳිය යුතු වන්නේ තේරිම් කමිටුව සහ පුහුණුකරු නොවේද?
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ද මේ ආකාරයට කටාර් හී දී පරාජය ලැබුවා.අද ඔවුන්ගේ දෙවන තරගයයි.පරාජය ලැබූ තරගයේ හේතු විමසා බලද්දී ප්‍රධාන හේතුව පන්දු රැකීමයි.මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම්වල පන්දු රැකීම ඉහළ සිට පහළට කඩා වැටෙමින් තිබෙන බව පැහැදිළියි.මේ ගැන පුහුණු කාර්ය මණ්ඩලය සහ පාළකයන් අතර සංවාදයක් ඇති වෙන තත්ත්වයට පන්දු රැකීමේ මට්ටම වැටී තිබෙන බව ඒ කණ්ඩායම,කාන්තා කණ්ඩායම පමණක් නොවේ ජාතික කණ්ඩායම දෙස බැලුවද පැහැදිළියි.


ටෙස්ට් වස්තුවක් කර රැගෙන සිටින මිලාන් රත්නායකට විදේශ රටක ටෙස්ට් තරගයක් එන තෙක් හූල්ල හූල්ලා සිටින්නට වෙන තත්ත්වය කණගාටුදායකයි.ඊට විසඳුමක් ඇති බව මිලාන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඇෆ්ගනිස්තානයට පරාජය වුවත් ඔප්පු කර පෙන්වුවා.පන්දු 19 න් ලකුණු 41 ක් ලැබීම වගේම මිලාන් පන්දු යවද්දීත් පන්දු ඕවර් 3 ක් යවා ලකුණු 24 ට කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.තුන් ඉරියව් වේග පන්දු යවන්නෙක්ගේ අඩුව පිරවීමට මිලාන් කදිමට ගැලපෙන අතර ශ්‍රී ලංකාව මේ අඩුව නිසාම නිත්‍ය පන්දු යවන්නන් හතර දෙනෙක් තබාගෙන කරන තරග කිරීමේ දුර්වලකමද මකා ගන්නට හැකි වෙනවා.එසේම කුමන හෝ අත්දැකීමක මද බවක් පාමින් ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන දොරටුවට පිටින් තබා සිටින විජයකාන්ත් ව්‍යස්කාන්ත් ද එම තරගයේ ලකුණු 28 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.
පහතින් දැක්වෙන්නේ පකිස්තානයට පරාජය වූ තරගයේ ලකුණ සටහනයි.
https://bit.ly/43BeTzz

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...