හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW:

ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම සුරක්ෂිතව තබා ගැනීම අතිශයින් වැදගත්ය.ක්‍රීඩාවේදී පාසල සහ ජාතික කියා දෙකොටසක් ප්‍රතිපත්ති දෙකක ක්‍රියාත්මකවිම නුසුදුසු වන්නේ එබැවින්ය.ඒත් අවසාන තැන ජාතික විම යන අදහසේ පිහිටා පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතියකට පැසි පන්දුව ඔසවා තැබීමට අවධානය යොමු කළ යුතුව ඇත යන්න සිහිපත් කරන්නට වී ඇත්තේ යම් කිසි ව්‍යාපාර ජාලයක සිරවෙමින් සහ කල්ලිවාදී සහ ප්‍රාදේශියවාදී ව්‍යහුයකට පාසල් පැසි පන්දුව යටත්වෙමින් තිබෙන බව දැන ගන්නට ඇති නිසාය.
එහෙත් තරග කිරීමේදී පාසල් පැසි පන්දු සම්මේලනය එසේ ජාත්‍යන්තර වශයෙන් තරගවලට භාවිතා නොවන පන්දුවක් අනිවාර්ය කිරිම සහ ක්‍රීඩා ඇඳුම එම නාමය යොදා සැකසීමට බල කිරිම මත ඇති උවමනාව කවරේද?


තරග පවතින්නේ හෙට කියා අද රාත්‍රී එවන පණිවිඩ නිසා කණ්ඩායම්වලට තරගවලට සහභාගි වීමේ අවස්ථාවන් මඟ හැරී යන්නේය.ඇතැම් පාසල් ක්‍රිඩාව කරගෙන යන්නේ විශාල දුෂ්කරතා මධ්‍යයේ බව කවුරුත් දන්නා ලාංකේය ඇත්තය.කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දැණුම් දිම මෙන්ම පාසලට වාහනයක් නැත්නම් වාහනයක් සොයා ගැනීමේ ගැටළු ද පැන නඟින්නේය.අදාළ මුදල් පාසල්වලින් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට ද එයින් ඉඩ ඇහිරෙන්නේය.


එසේම පාසල් දරුවන්ට එක දිගට දින කිහිපයකදි කිලෝමීටර් සියයකට වැඩි දුරක් ගමන් කිරීමට සිඳුවන ආකාරයට තරග යෙදීමද ක්‍රීඩකයන්ට නරක ප්‍රතිපල ඇති කරන තත්ත්වයක්ය.රට නියෝජනය කරමින් හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත වුව ද,පාසල් තරග සඳහා සහභාගි වීම අනිවර්ය කරමින් මේ නිලධාරීන් ඇතැම් විට ක්‍රිඩකයා පමණක් නොව රට නියෝජනයද නොසළකා හරින තත්ත්වයන් වාර්තා වන අතර ඊට හොඳම උදාහරණය බහරේන් හී පැවති යොවුන් ආසියානු තරගවලට සහභාගි වූ ඇතැම් ක්‍රීඩකයන්ට පැමිණි බලපෑම්ය.


විනිශ්චය සඳහා සුදුසු වූ ක්‍රමවේද අනුගමනය කරන්නේ නැත.ක්‍රීඩා ගුරුවරුම ඒ කාර්යයට යොදවමින් සුදුසුකම් ලත් විනිසුරුවන් යොදා නොගැනීම ද දකින්නට ඇත.එවැනි තත්ත්වයකදී ගැටළුවක් පැමිණියහොත් ඒ සම්බන්ධ විභාග කිරීමේ කාර්යයේ ප්‍රතිපලය ‘නඩුත් හාමුදුරුවන්ගේ සහ බඩුත් හාමුදුරුවන්ගේ‘ න්‍යායෙන් සිඳු වන්නේය.ඒවා කැකිලලේ තීන්දු වුව ද,අනාගතය භාර ක්‍රිඩකයන්ට කැකිල්ලේ රජුන්ගේ තීරණ අනුව තමන්ගේ පැසි පන්දු ජිවිතය ගැන බලා ගන්නට සිඳු වන්නේය.


එසේම මෙම සම්මේලන නිලධාරීන්ම පුහුණු කරන විනිශ්චය කරන අවස්ථා ද ඇත.ඒවා සදාචාරාත්මක නොවන්නේය.කිසිවෙකු විසින් අතීතයට ඇඟිල්ල දිගු කර එවැනි තැන් පෙන්වා ගැලවෙන්න යාම නොව, වැදගත් වන්නේ සදාචාරාත්මක සහ විශ්වසනීය වූ ක්‍රීඩාශීලී සාධාරණය ස්ථාපිත කර අනාගතය සමඟ සෙල්ලම් කිරීම නවතා ක්‍රීඩාව වෙනුවෙන් විද්‍යාත්මක පදනමක් ඇති කිරිමය.


මේ සියල්ල සිඳුවන්නේ අග්‍රාමාත්‍යවරියම අධ්‍යාපන අමාත්‍ය ධූරය දරණ රටකය.අගමැතියටත් පැසි පන්දු පාසල් නිලධාරින් බෝලය බස්සවා ඇත්ද යන්න සැකය.යම් යම් ව්‍යාපාරික පදනමකින් පන්දුවේ සිටම මූල්‍යමය වාසි ලබා ගන්නා නිලධාරීන් එ් ලාභයෙන් මේවා සොයා බැලිය යුතු කොටස්වල ඇස් වසා යන්නද සොයා බැලිය යුතුව ඇත.ඒවා සොයා බැලීමේ වගකීම ඉහළින්ම සිටින අගමැතිණිය සතු වන අතර මේ සියල්ලම දෘශ්‍යමය සාක්ෂි මත විසඳා ගන්නට අගමැතිීනයට හැකිය.මේ කණ්ඩායම්වල වට්ස්ඇප් සමූහය නොමකා අගමැතිණිය හමුවට ගෙන්වා ගෙන පරික්ෂා කළ හැකිනම් තරග සඳහා දින සහ වේලාව ලබා දීමේ හදිසි පිළිවෙත,එකම කණ්ඩායමට දින කිහිපයකදී විවිධ තැන්වල තරග පවරා පාසල් ක්‍රීඩකයින් රස්තියාදුවට සහ අපහසුවට පත් කිරීම යන කරුණු පහසුවෙන් සහ ඉක්මණින් විසඳා ගන්නට හැකිය.


ඒ ඇතැම් අය මේ කිසිවක් බය නැතුව කරන්නේ තමන් මේ ආණ්ඩුවේ හිතවතුන් නිසා යැයි පෙන්වීමට ද උත්සාහ දරන බවක් දැකිය හැකි අතර ලාංකේය පැසි පන්දුවේ අනාගතය පෝෂණය කරන පැල තවාන මේ ආකාරයෙන් වඳ කර දැමීමට තැත් දරන නිලධාරීන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට සහ අධ්‍යාපන ඇමතිවරිය වන අග්‍රාමාත්‍යවරියට කිසිවක්ම කළ නොහැකි ඇයි ද යන විමතියට කරුණක්ය.
දැනෙන හැටියට එක පෙළට අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිව යුතු අය මෙන්ම පාසල් පැසි පන්දුවේ වගකිව යුතු අයද අග්‍රාමාත්‍යවරියට බෝලය බස්සවා තමන්ගේ ව්‍යාපාර ක්‍රීඩාව පාදක කරගෙන පහසුවෙන් කරන බවක් දැකිය හැකිය.ඒ නිසා මේ බස්සන්නේ කුඩා බෝලයක් නොව තරග පැවත්වෙන වයස් සීමා සළකා නම් කළොත් අවුන්ස 22 සහ අවුන්ස 20 පැසි පන්දුය.

අප කිසිවෙකුගේ ව්‍යාපාරවලට හානි කිරීම නුසුදුසු බව සිතති.ඒ නිසා මේ වන විට පාසල් පැසි පන්දුව ආක්‍රමණය කර ඇති පැසිපන්දු වෙළද නාම සඳහන් නොකරන්නේය.එහෙත් ඒවා ගෙන්වන්නේ සහ හිමිකාරීත්වය දරන තැන සිට මේ පන්දුවම තරග සඳහා යොදා ගැනිම ලෝකය ඉහළින්ම පිළිගන්නා විල්සන් පන්දුවටත් වඩා වටිනාකමකින් මෙය පිළිගැනීමට හේතු කවරේද යන්න අග්‍රාමාත්‍යවරියට සොයා බලන්නට හැකිය.

ඒ පන්දු මිලට ගැනීමට කැමති අයෙකුට ඒවා මිලට ගන්නටත්,නිශ්චිත වෙළද නාමයක් රහිත නම් කණ්ඩායම්වල කැමත්ත ඇතුව එම පන්දුව යොදා ගැනීම ගැනත් අපි කළබල නොවන්නෙමු.එහෙත් නිශ්චිතව එම පන්දුවට සහ එම වෙළද නාමයට පාසල් පැසි පන්දුව ලබා දෙන අනවශ්‍යය බර සහ එහි ප්‍රචාරන අංශයක් ලෙස ඔවුන් කටයුතු කිරිම සාධාරණ ද යන්න අග්‍රාමාත්‍යතුමිය විමසා බැලිය යුතුය.එසේ නොවන තැන කළකිරීමෙන් බොහෝ අනාගත වටිනාකම් පැසිපන්දුව හැර යන්නට ඉඩ තිබෙන බව අනතුරු හැඟවීමක් ලෙස අප දැනට ඉදිරිපත් කරන්නෙමු. ඒ තීරණය සහිතව පාසල් පරිපාලනය කරගෙන යන නමණීය නොවන තීරණවලින් දරුවන් පීඩාවට පත්වන බව කාන්තා සහ ළමා අයිතිවාසිකම් ගැන අවබෝධයෙන් කටයුතු කරන හරිනි අග්‍රාමාත්‍යවරිය පිළිගන්නේ ද යන්න පිළිබඳව අපි විමසිල්ලෙන් සිටිමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...