මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW:

පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට් පුහුණුකරුවෙක් වීම සදහා පුහුණුකරුවන් විසින් ළෙවෙල් 0, 1, 2, 3 යන පාඨමාලා සාර්ථකව හැදෑරිය යුතු අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන ඒකකය (Sri Lanka Cricket Coach Education Unit) විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන් ට අනුව සකස් කරන ලද ක්‍රිකට් පුහුණු පාඨමාලාවේ මූලික අදියර Level 0) වැඩසටහන පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.


මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමය විසින් නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ මෙම වැඩසටහනට දිස්ත්‍රික්කයේ පාසල් සහ ක්‍රිකට් පුහුණු විද්‍යායතනවල පුහුණුකරුවන් 22 දෙනෙකු සසහභාගිවූහ.


මෙම වැඩසටහන තුළ ක්‍රිකට් පුහුණුකරණයේ පන්දු යැවීම, රැකීම, දග පන්දු සහ වේග පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමේ මූලික දැනුම, ක්‍රීඩක කළමනාකරණය, කුසලතා වර්ධනය සහ භාවිතාත්මක ආදර්ශ පරීක්ෂණ ආදිය පිළිබඳව වටිනා දැනුමක් ලබා දුන් අතර සහභාගී වූ සියලුම පුහුණුකරුවන්ට (Level 0)සහතික පත්‍ර ප්‍රදානය කෙරුනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...