හරියට බැලුවොත් රාජ්‍ය සේවකයින් ලක්ෂ 6ක් අඩුවෙන්න ඕනෑ – එරාන්

Date:

ශ්‍රී ලංකාවේ ජනගහණයට සාපේක්ෂව බැලීමේදී පුද්ගලයින් 15 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයකු බැගින් සිටින බවත් ජපානයේ නම් මෙම අනුපාතය 40 : 1 ක් පමණ වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

“ලංකාවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක් විතර ඉන්නවා. මම බැලුවා ජපානයේ රාජ්‍ය සේවය කීයක් විතර ඉන්නවාද කියලා. ලක්ෂ 33ක් ඉන්නවා. ලංකාවේ ජනගහණය මිලියන 22 යි. ජපානයේ ජනගහණය මිලියන 125 යි. අපේ එක රාජ්‍ය සේවකයෙක් ජනතාවගෙන් 15 දෙනෙක් බලාගන්නවා. ජපානයේ එක රාජ්‍ය සේවකයෙක් 40 දෙනෙක් විතර බලාගන්නවා. එතකොට ඒ කාර්යක්ෂමතාවය ගැන හිතාගන්න පුළුවන්. ඒ ප්‍රතිශතය අපි පාවිච්චි කළොත් අපේ රාජ්‍ය සේවය ලක්ෂ 6කින් විතර අඩුවෙන්න ඕනෙ. එතකොට අපේ අය කියනවා මේක කරන්න බෑ, සසඳන්න බෑ කියලා. දෙයියනේ එහෙනම් කාත් එක්කද සසඳන්නේ මේක හදන්න ? එතකොට මගේ ඡන්දය දිනන්න මම තවත් අය බඳවාගන්නවාද ? රාජ්‍ය සේවය නැතිකරලා තියෙන්නේ රාජ්‍ය සේවකයෝ නෙවෙයි දේශපාලනඥයෝ”

එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය