*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

මේ අයවැයට ඇතුළත් වන්නේ අනාගතය සඳහා මාර්ග සිතියමයි – ජනපති රනිල්

2023 අයවැයට ඇතුළත් වන්නේ රටේ අනාගතය සඳහා වන මාර්ග සිතියම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“2023 අයවැයට ඇතුළත් වන්නේ අනාගතය සඳහා වන මාර්ග සිතියමයි. අප සිටින ආර්ථික අර්බුදය ගැන අවධානය යොමු කරමින් සහ අගෝස්තු මාසයේ ඉදිරිපත් කෙරුණු අතුරු අයවැය ගැන අවධානය යොමු කරමින් බොහෝ ආදායම් ඉපයීමේ ක්‍රම ඇතිකර තිබෙන්නේ ආර්ථික ස්ථායීකරණය වෙනුවෙන්. ඒ අනුව මේ අයවැයෙන් අවධානය යොමුකර තිබෙන්නේ පසු ප්‍රතිසාධන කාලය පිළිබඳවයි. ස්ථායීකරණය පිළිබඳ කතා කරද්දී අපි මේ වනවිට ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් තමයි පැරිස් සමාජයට අයත් නොවන, අපගේ ප්‍රධාන ණය හිමියන්. සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා. ඒ නිසා දැනට අපට පසුතැවීමට තරම් කරුණක් නෑ. ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට මූල්‍ය සහන ලැබීමට නියමිතයි. ඊට අමතරව තවදුරටත් අවශ්‍ය සහාය ලබාගැනීමට අප අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමගත් සාකච්ඡා කරනවා. නමුත් අපට දිගින් දිගටම ණය ලබාගනිමින් තවදුරටත් ඉදිරියට යන්න බැහැ. අපි දැන් හිතන්න ඕනේ අපේ දෙපයින් නැඟී සිටින්නේ කොහොමද කියලා. ඒ සඳහා අවශ්‍ය ආරම්භක පියවර අපි මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මෙය ඇතැම් පිරිසකට දුෂ්කර විය හැකියි. නමුත් මම හිතන්නේ අපි එක්ව කටයුතු කළොත් මේ ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්. ඇතැම් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණයට සූදානම් බව අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. එය සිදුකළ විට පළමුව අපගේ සංචිත තරමක් ඉහළ නංවාගත හැකිවෙයි. දෙවනුව එම ආයතන වෙනුවෙන් අයවැය මගින් වෙන්කරන ප්‍රතිපාදන නවතාගත හැකියි. ඉතින් අප හිතනවා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි කියලා. එහෙම නැත්නම් ඔබට හැකියි ගැඹුරින් සාකච්ඡා කර මෙය සැබැවින්ම මාර්ග සිතියමක්ද, එසේත් නැතිනම් වෙනත් යෝජනා ලබාදිය හැකිද කියන්න. ඒ නිසායි 2023 අයවැය වැදගත් වෙන්නේ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අයවැය පසුවිපරම පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට වීඩියෝ පණිවිඩයක් යොමු කරමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan