ලෝකයේ හොඳම පරීක්ෂකයින් ශ්‍රේණිගත කිරීමේ ඉහළම 2% අතරට කොළඹ විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයින් ඇතුලත් වේ!

Date:

2022 වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ලංකා තොරතුරු හා තාක්ෂණික නියෝජිත ආයතනයෙහි වර්තමාන සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මලික් රණසිංහ මහතායි. ලෝකයේ හොඳම පරීක්ෂකයින් ශ්‍රේණිගත කිරීමේ ඉහළම 2% අතරට ඇතුළත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයින් නව දෙනෙකු සඳහා මෙම අවස්ථාවේදී උපහාර පිරිනැමිණි .

පර්‍යේෂණ සඳහා දිනෙන් දින විශාල උනන්දුවක් දක්වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මලික් රණසිංහ මහතා පවසයි. මෑතක දී කළ ගූගල් සමීක්ෂණ වලින් පැහැදිලි වූයේ අප රටේ පර්‍යේෂකයින් ඉගැන්වීම් වලට පමණක් නොව පර්‍යේෂණ කිරීමට ද ඉතා දක්ෂ බවයි. නමුත් ලංකාව වැනි රටවල් වල විශ්ව විද්‍යාල වලින් ප්‍රධාන ප්‍රදාන වශයෙන් කෙරෙන්නේ උපාධි අපේක්ෂකයින්ට ඉගැන්වීම් ක්‍රියාවලිය පමණයි. වසර 150 ක් පුරාවටම සිදු වූයේ උපාධිධාරීන් ප්‍රමාණය ප්‍රමානය වැඩිකර ගැනීමට උත්සාහ දැරීම පමණක් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මලික් රණසිංහ මහතා පවසයි.

එයට හේතුව වන්නේ සෑම විටම අධ්‍යාපන පර්යේෂණ වාර්තා නිකුත් කිරීම පිළිබඳ අවධානය යොමුනොකිරීමයි. අපේ පරමාර්ථය වුණේ උපාධිධාරීන්ට අධ්‍යාපනය ලබාදීම පමණක් බව වැඩි දුරටත් පැමිණ සිටි සියල්ලන් අමතා ලංකා තොරතුරු හා තාක්ෂණික නියෝජිත ආයතනයෙහි වර්තමාන සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මලික් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක
2022.11.17

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...