*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ජානකීට හයිය හත්තිය දෙන පොලීසියේ ලොකු අයියා …

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට උපරිමයෙන් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම නිලධාරියෙකු බව ආරංචිමාර්ග පවසයි.

මෙම විමර්ශනයට අදාළව තිලිණි ප්‍රියමාලිව අත් අඩංගුවට ගෙන දින කිහිපයක් තුළම ජානකී සිරිවර්ධනත් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වී ඇති නමුත් ඉහත කී ඉහළම නිලධාරියා එය වැළැක්වීමට දැඩි ලෙස මැදිහත්ව ඇති බව සඳහන්.

මුල පටන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරමින් ජානකී අත් අඩංගුවට ගැනීම වැළැක්වීමට කටයුතු කර ඇති එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුදුමාකාර වධයක් වී ඇති බවත් වාර්තා විය.

රටේම අවධානය යොමුවුණු ආන්දෝලනාත්මක සිද්ධියක් වූ තිලිණි ප්‍රියමාලි සම්බන්ධ විමර්ශනය විනිවිදභාවයෙන් යුතුව සිදුකළ යුතු නිසා අවසානයේ CID නිලධාරීන්ට මෙම ඉහළම නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව දැනුවත් කිරීමට සිදුව ඇත.

සති කිහිපයක ප්‍රමාදයකින් පසුව හෝ ජානකී සිරිවර්ධනව අත් අඩංගුවට ගැනීමට CID නිලධාරීන්ට හැකියාව ලැබී ඇත්තේ අමාත්‍යවරයා ද මැදිහත් වීමෙන් පසුව ය.

ජානකී සිරිවර්ධන මෙම ඉහළම පොලිස් නිලධාරියා ගැන කතා කරන්නේ ඔහුගේ මුල් නම කියා අයියා කියමින් බවත් ආරංචිමාර්ග පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan