පාසල් ගැන විශේෂ අවධානයක්! අබලන් ගොඩනැගිලි ගැන කඩිනම් පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ට පුරා විසිරී ඇති පාසල්වල අබලන් ගොඩනැගිලි ඇතුළු පරිශ්‍ර පිළිබඳ කඩිනම් පියවර ගන්නැයි, අධ්‍යාපන අමාත්‍යංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත,

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් සොයා බලන බව අමාත්‍යංශය පවසන අතර, ඒ අනුව අබලන් තත්වයේ පවතින එවැනි ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පාසල් පරිසරයක් සෑම පාසලකට ඇතිකළ යුතු බවද දැනුම් දී තිබේ.

ඉකුත් දා ජල කරාම සවිකළ කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක් මිය යාමත් සමග පාසල්වල අබලන් ගොඩනැගිලි හා ස්ථාන සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වූ අතර එම සිද්ධියෙන් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබූහ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා කමිටුවක් ද පත් කර තිබුණි.

තවද, දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද හඳුනාගෙන ඒවා ඉවත්කර නව ඉදිකිරීම් කිරීම සිදුකෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර හෝමාගම ජනාධිපති විද්‍යාලයේද ප්‍රාථමික පංති (03, 04,05) පවත්වාගෙන යනු ලැබූ තෙමහල් ගොඩනැගිල්ලද ඉතා අබලන් තත්වයේ පසුවන අතර, එය ඉදිකර ඇත්තේ මීට වසර 26 කට පමණ පෙර බවද තොරතුරු වාර්තා වේ. පසුගිය දා මෙම ගොඩනැගිල්ලේ වහලයෙන් කොටසක් අසල නිවසක් මතට කඩා වැටී ඇති බවද වාර්තා වේ.තාවකාලිකව දරුවන් එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර මේ වනවිට ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබුණද එහි ප්‍රමිතිය පිළිබඳ විශාල ගැටලු පවතින බවයි වාර්තා වන්නේ.

https://fb.watch/olZ1D4Pzp0/?mibextid=6aamW6

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...