ප්‍රාණ ඇපකරුවෙකු වූ Yehudit Weissගේ සිරුර හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හමාස් විසින් පැහැර ගන්නා ලද 65 හැවිරිදි ප්‍රාණ ඇපකරුවෙකු වූ Yehudit Weissගේ සිරුර සොයා ගත් බව ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා භට පිරිස් පවසයි. ඇය ඔක්තෝම්බර් 7 වන දින ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ගෙන ගොස් තිබුණි.

මේ අතර පලස්තීන දුරකථන සමාගම් පවසන්නේ, ඉන්ධන හිඟයක් හේතුවෙන් ගාසා තීරයේ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා අඩාල වී ඇති බවත්, දුරකථන සමාගම් වන Jawwal සහ Paltel පවසන්නේ ඔවුන්ගේ ජනන යන්ත්‍ර නඩත්තු කරන සියලුම බලශක්ති ප්‍රභවයන් අවසන් වී ඇති බවයි.

යුද ගැටුම් ආරම්භයේ සිටම ඊශ්‍රායලය ගාසා තීරයට එක් ඉන්ධන බෙදා හැරීමක් හැර අනෙක් සියල්ල අවහිර කර තිබූ බවද සඳහන් වේ, ඊශ‍්‍රායලය ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 එල්ල කළ ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් මිය ගොස් 200කට වැඩි පිරිසක් ප‍්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි . මේ මොහොත වන විට, එතැන් සිට ගාසා තීරයේ පුද්ගලයින් 11,500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...

මැලේසියාව ඉදිරියේ පළමු පරාජය ලබයි – පොදු වැරදි ප්‍රධාන හේතුවයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු යොවුන්...