*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අත්‍යවශ්‍ය ඖෂධ 100ක මිල පාලනයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (16) සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී පැවසූවේ, දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බැවින්, තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බවයි. එය ක්‍රියාත්මක කල විට ඖෂධ වර්ග 200ක මිල පාලනයක් සිදු වන බව ඇමැතිවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ .

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, එක් ඖෂධයක් වෙළෙඳ නාම 10කින්, 15කින් පමණ තිබෙන බවත් සාධාරණ මිලක් නියාමනය කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිල දී ගැනීමට හැකි බවයි. ඖෂධ, ආර්ථිකය සම්බන්ධ විශේෂඥවරුන් 11කින් සමන්විත කමිටුවකින් මෙම මිල පාලනය තීරණය කරන බවද ඔහු පැවසුවේය.

අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862ක් රට තුළ සංසරණය වන බවත්, ඉන් 675ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ආනයනය කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan