දෛවයේ සරදම් : මහින්දගේ 79 වැනි උපන් දිනය දා නව කැබිනට්ටුව දිවුරුම් දෙයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 79 වැනි උපන් දිනය අදට (නොවැම්බර් 18) යෙදී තිබේ.

ඒ මහතා පළමු වරට ජනාධිපති ධුරයට තේරී පත්වූයේ ද මීට වසර 19කට පෙර අද වැනි දිනක ය. 2005 නොවැම්බර් 17 වනදා එම ජනාධිපතිවරණය පැවති අතර ප්‍රතිඵල ප්‍රකාශ කෙරුණේ 18 වැනිදා ය.

මේ අතර අද දිනයේදී ජාතික ජන බලවේගයේ රජයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත.

2005 වසරේදී මහින්දට ජනාධිපති ධුරය ලබාගැනීමට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට රටේ විධායක ජනාධිපති ධුරයට පත්ව සිටී. එදා මහින්දට සහාය දුන් ජවිපෙ ප්‍රබලයින් පිරිසක් අද දිනයේදී කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දෙනු ඇත. මහින්දගේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 03ක් දක්වා පහළ වැටී ඇති අතර දෙවරක් විධායක ජනාධිපති ධුරය දැරූ, සිව් වරක් අගමැති ධුරය දැරූ මහින්ද ද පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්ව සිටී.

දෛවෝපගත සිදුවීම් හෝ දෛවයේ සරදම් කියන්නේ මේවාට විය යුතුය ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...