දෛවයේ සරදම් : මහින්දගේ 79 වැනි උපන් දිනය දා නව කැබිනට්ටුව දිවුරුම් දෙයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 79 වැනි උපන් දිනය අදට (නොවැම්බර් 18) යෙදී තිබේ.

ඒ මහතා පළමු වරට ජනාධිපති ධුරයට තේරී පත්වූයේ ද මීට වසර 19කට පෙර අද වැනි දිනක ය. 2005 නොවැම්බර් 17 වනදා එම ජනාධිපතිවරණය පැවති අතර ප්‍රතිඵල ප්‍රකාශ කෙරුණේ 18 වැනිදා ය.

මේ අතර අද දිනයේදී ජාතික ජන බලවේගයේ රජයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත.

2005 වසරේදී මහින්දට ජනාධිපති ධුරය ලබාගැනීමට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට රටේ විධායක ජනාධිපති ධුරයට පත්ව සිටී. එදා මහින්දට සහාය දුන් ජවිපෙ ප්‍රබලයින් පිරිසක් අද දිනයේදී කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දෙනු ඇත. මහින්දගේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 03ක් දක්වා පහළ වැටී ඇති අතර දෙවරක් විධායක ජනාධිපති ධුරය දැරූ, සිව් වරක් අගමැති ධුරය දැරූ මහින්ද ද පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්ව සිටී.

දෛවෝපගත සිදුවීම් හෝ දෛවයේ සරදම් කියන්නේ මේවාට විය යුතුය ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...