කැත්තට පොල්ල : රවීත් ගේමට බහී. මැ.කො. ට ලිපියක් !

Date:

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (නොවැම්බර් 18) පෙරවරුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) ලේකම්වරිය වන ශ්‍යාමිලා පෙරේරා මහත්මියව කැඳවා එම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා තමන්ට අවශ්‍ය නම් දෙකක් මැතිවරණ කොමිසම වෙත යැවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

එහිදී ශ්‍යාමිලා පෙරේරා මහත්මිය එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

මෙය එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක රවී කරුණානායක මහතාට ආරංචි වී ඇති අතර ඔහු වහාම ගොස් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය හමුවී එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා තමන්ගේ නම මැතිවරණ කොමිසම වෙත යවන ලෙස දැනුම් දී ඇති අතර ඒ අනුව රවී කරුණානායක මහතාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත් කරන්නැයි පක්ෂ ලේකම්වරිය ලෙස ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.

අනෙක් මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවත් ඇය සිය ලිපියෙන් සඳහන් කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් එම නීත්‍යානුකූල ලිපිය භාරගෙන ඇති අතර රවී කරුණානායක මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගැසට් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම කේන්තියෙන් පසුවන බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...