තොන්ඩමන්ලාගේ දිගම්බරන්ලාගේ රාජධානියට යන සමන්ත!

Date:

කොළඹ LNW: වතුකරය වෙනුවෙන් ඉටුකිරීමට සුවිශාල වැඩකොටසක් ඇති බවත් ඊට සූදානම් බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේය.

ඒ, අද කැබිනට් අමාත්‍යධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවයක කරන්න පුළුවන් අමාත්‍යංශයක් ලැබුණේ. මොකද වසර 200ක් වෙනවා වතුකරයට සහෝදර දමිළ ජනතාව ඇවිල්ලා.වතුකරය කිව්වම දමිළ විතරක නෙවෙයි සිංහල, මුස්ලිම් අයත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට වුණ විශේෂ අසාධාරණකම් තියෙනවා. වතුකරය ගත්තොත් නිවසක් නැහැ. ඉඩමක් නැහැ. හරිහමන් වැටුපක් නැහැ. මන්දපෝෂණය වැඩියෙන් තියෙන තැන. මේවා තොන්ඩමන්ලගේ දිගම්බරන්ලගේ රාජධානි හැටියට තිබුණ තැන් ඒ නිසා සුවිශාල මෙහෙවරක් කරන්න තියෙනවා. මොකද පුනරුද යුගයේ සැලකිය යුතු වැඩ කොටසක් කරන්න තියෙන තැනක් ඒකට අපි සූදානම්” යනුවෙන් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස යෝජනාවක්!

කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට...

මේ අසීරු මොහොතේ සියලු දෙනා එක්වන්න – ජනපති පක්ෂ විපක්ෂ සියල්ලන්ගෙන් ඉල්ලයි

කොළඹ LNW: මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත...

කොළඹ මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වෙලා!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් කොළඹ...

මෝය කටවල් නොකැපීම නිසා ගංවතුර තත්වය තවත් උඝ්ර වෙන ලකුණු ?

කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ වැනි ප්‍රධාන ගංගාවල...