අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ දී හර්ෂිතාගෙන් ශකතයක්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ (LNW):

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ පන්දු ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 104 ක් රැස් කරන්නට සමත් වෙනවා.පන්දු 126 ක් තුළ ඉවසිලිවන්ත සහ වේගවත් බව සම්මිශ්‍ර වූ ඇයගේ ඉණිම සඳහා හතරේ පහර පහක් පමණක් එල්ල වීම විශේෂත්වයක් වන්නේ ඇය ගේ දරා ගැනීමේ හැකියාව එයින් නිරූපනය වන නිසයි.එස්එස්සී ක්‍රීඩා සමාජය ලකුණු 35 ට දවාලමින් මේ තරගයේ දී නාවික හමුදා කණ්ඩායම ලකුණු 187 ක ජයක් ලැබුවත්,එසඑස්සී පන්දු යවන්නියන් සමඟ ගුවන් හමුදා කණ්ඩායමටත් ගොඩ නැඟෙන්නට පහසු වූයේ නැහැ.


පන්දු ඕවර් 50 නිමාවන විට කඩුලු 6 ට ලකුණු 222 ක් රැස් කළ ද හර්ෂිතාට ඉණිම ආරම්භ කරන්නට සිඳු වූයේ ලකුණු නොලබා කඩුල්ලක් දැවී තිබියදී පිටියට පැමිණයි.එහිදී හර්ෂිතා හයවන කඩුල්ල ලෙස ලකුණු 217 ක් ව තිබියදී දැවී යන තෙක් ඉතාම ඉවසීමෙන් සහ වගකීමෙන් සිය ජාත්‍යන්තරභාවය මොනවට විදහා පෙන්වමින් සිය ඉණිම ඉහළට ගෙන ආවා.මෙහිදී එස්එස්සී කණ්ඩායම වෙනුවෙන් රටස දන්නා කුඩා බට්ටි සිය 15 හැවිරිදි විව ඉක්මවා ගිය පන්දු යැවීමක නිරත වෙමින් පන්දු වාර 10 ලකුණු 35 ට නිමා කරමින් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.එසේම පැරණි ක්‍රිඩිකාවක වන රංගිකා ප්‍රනාන්දු ද සිය පන්දු ඕවර් 10 ලකුණු 35 ට සීමා කරමින් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.


නොවැම්බර් 16 සහ 17 යන දෙදින තුළ පැවති තරග අතරින් කාලගුණික තත්ත්වය නිසා තීරණයක් නොලැබ අවසන් වූ එකම තරගය බවට පත් වූයේ බදුරලිය ක්‍රීඩා සමාජය සහ චිලව් මේරියන්ස් කන්ඩායම අතර තරගය පමණයි.පහසුම ජයග්‍රහණය ලබා ගන්නට සමත් වූ ගුවන් හමුදාව විසින් ගාල්ල ක්‍රිකට් සමාජය,ඕෂධි රණසිංහ විසින් ලකුණු 5 ට කඩුලු 4 ක් දවා ගනිමින් කරන ලද පන්දු යැවීම ප්‍රධාන කර ලකුණු 35 ට දවා ගන්නට සමත් වෙනවා.සියල්ල දැවි ලබා ගත් ලකුණු 35 පන්දු ඕවර් 3.1 දී කිසිවෙකු නොදැවී ඉක්මවා යමින් ගුවන් හමුදාව මේ ජයග්‍රහණය වාර්තා කරන්න සමත් වෙනවා.
මේ සතියේ පරාජයන් වාර්තා වන තරමට ක්‍රීඩා කරන බොහෝ කණ්ඩායම්වල යම් පරිණතවීමක් දකින්නට ලැබුණා.විශේෂයෙන් ඒ පන්දු යැවීමේ අංශයෙන්.මෙවැනි තරගාවලියක වැදගත්ම දේ දක්ෂතා අතර පරතරය පියවා ගැනීමේ ඉඩ කඩ සකස් කර වඩා පුළුල් තරගකාරීත්වයක් තුළින් ජාතික කණ්ඩායම නියෝජනයට සුදුසුකම් ඇති වැඩි පිරිසක් නිර්මාණය කිරීමයි.


මෙහිදී දැවන්ත ඉණිම් සටහන් කළ යුද හමුදාවද ඒස් කැපිටල් ඉදිරියේ ලකුණු 204 ට සීමා වුණා.එහිදී ලකුණු 109 ක ජයක් ලබා ගනිමින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 95 ට දවා ගත්තද යුද හමුදාවේ සියලුම ක්‍රීඩිකාවන් දවා ගැනීමට තරම් හැකියාවක් ඒස් කැපිටල් සතු වීම අගය කළ යුතුයි.කෝල්ට්ස් කණ්ඩායම සහ ද්‍රවිඩ ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ද්‍රවිඩ ක්‍රීඩා සමාජය ලකුණු 118 ක් රැස් කරා.කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 2 ක ජයක් ලබමින් අසීරුවෙන් කඩුලු 8 ට ලකුණු 119 ක් රැස් කරන්නට යෙදුණා.
බීආර්සී ක්‍රීඩිකාවන් කුරුණෑගල තරුණ කණ්ඩායමට එරෙහිව ලකුණු 129 ට දැවී ගියා.ඉනික්බිත එම ලකුණු ප්‍රමාණය හඹා ආ කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට එරෙහිව සටන්කාමී පන්දු යැවීමක් සහ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කර ලකුණු 127 ට ඔවුන්ව සිමා කරන්නට සමත් වුණා.ඉකුත් සතියේ තියුණුම අවසානය සටහන් කළ තරගය වුණේ එයයි.


පානදුර ක්‍රීඩා සමාජය ලැබූ ලකුණු 119 ක් හඹා ගොස් කඩුලු 8 ට ලකුණු 120 ක් ලබා ගන්නට සීසීසී ක්‍රීඩා සමාජය සමත් වුණා.මේ තරගාවලියේ කැපී පෙණෙන පිතිකාරිණියක වන පානදුර කණ්ඩායම් නායිකා පියුමි වත්සලා ලකුණු 51 රැස් කරන්නට සමත් වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...