වාර්ගික ගැටුම් නිසා දුක්විඳින මනිපූර් වැසියෝ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ යළිත් වාර්ගික ගැටුම් ඇතිව තිබෙන බව NDTV මාධ්‍ය වාර්තා කරයි. ඒ මළ සිරුරු 6ක් සොයාගැනීමෙන් පසුව බව පැවසේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, බහුතරයක් මෙයිටි ප්‍රජාවට අයත් පිරිස් ජීවත් වන මෙම ප්‍රදේශයේ කාන්තාවන් හා ළමයින් හය දෙනෙකුගේ සිරුරු බලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බවයි.මේ වනවිට ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබෙන අතර, සුළුතර කුකී කණ්ඩායමේ පුද්ගලයින් විසින් ඔවුන් පැහැරගෙන ගිය බවට මෙයිටි කණ්ඩායම් චෝදනා කරයි.කෙසේ වෙතත් පොලිසිය මෙය තහවුරු කර නොමැති බව සඳහන් වේ.

මෙම ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර පසුගිය මැයි මාසයේ සිට ගැටුම් හටගෙන ඇති අතර 200 කට ආසන්න පිරිසක් මිය ගොස් දහස් ගණනක් අවතැන්ව සිටින බව වැඩිදුරටත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...