මෙහෙමත් රැලි ….

Date:

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම හා යාවජීව ඛේදජනක සමාජ ගැටලුවකි. එයට පිළියම් සෙවිය යුත්තේ රටේ සියළු ප්‍රජාවන්ට ප්‍රතිලාභ ගලායන සේ සකස් කළ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කිරීමෙන් හා නීතිය ක්‍රියාවේ යෙදවීම තුලිනි..

ඒ මිස මත්ද්‍රව්‍යට එරෙහි දේශපාලන ප්‍රචාරක රැලි පවත්වා මත්ද්‍රව්‍ය නිවාරනය කිරීම පය බරවාට පිටිකර බෙහෙත් බැඳීමකි..

රාජපක්ෂ ආන්ඩුවේ පැවැත්ම සකස්වී තිබුනේ ව්‍යාජ දෙමළ සහ මුස්ලිම් සතුරෙකු මවා ඊට එරෙහි සිංහල ජාතියේ කපටි ආරක්ෂකයාගේ භූමිකාව රංගනයයේ යෙදවීම මතය… එසේම මාළිමාවේ පැවැත්ම රැඳී ඇත්තේද රාජපක්ෂ චෞරයන්ගෙන් රට බේරාගන්නා රංගනයේ සාර්තකත්වය හෝ අසාර්ථකත්වය මතය..

හේතුව රාජපක්ෂලට පතබෑමත්, අයි.එම්.එෆ්. කොටේ ඇදීමත් හැර වෙනත් කිසිදු ප්‍රශස්ථ ආර්ථික වැඩපිළිවෙළක් ආන්ඩුව සතුව නොමැතිවීමයි..

උගන්ඩා බොරු, බලුචේන් බොරු, පෝට්සිටි බොරු අතේ පත්තුවූ පසු දැන් දැන් ආන්ඩුවේ රාජපක්ෂලට පතබෑමේ මෙහෙයුම් නිරර්ථක වෙමින් පවතී.. එබැවින් දැන් ආන්ඩුව ජනතාවට අලුත් ඇන්දිල්ලක් කල යුතුය.. මේ එවැන්නකි.

රටේ මත්ද්‍රව්‍ය පව් කන්දරාව රාජපක්ෂ හිස මත පටවා ඉන් රට බේරාගන්නා ශුද්දවූ බූමිකාව රඟ දැක්වීමට ආන්ඩුව සැරසෙයි.. ඇත්තේන්ම ගත් කල සෙර සටහන් කලාක් සේම මත්ද්‍රව්‍ය යනු ආර්ථික අර්බුදය හා ගැටගැසුන සමාජ ඛේදවාචකයකි.. මත්ද්‍රව්‍ය වාහකයන් තුල පොහොට්ටුවන් මෙන්ම ස.ජ.බ. ක්‍රියාකාරීන්ද, මාළිමා ක්‍රියාකාරීන්ද හරිහරියට සිටින බව සමාජයට හෙලිවීමත් සමඟ ආන්ඩුවේ මේ රැලි ගේම් එකේ ද රෙදි ගැලවෙනු ඇත..

ඒ කෙසේවෙතත් නොවැම්බර් 21 රැලියට ආන්ඩුව දැන් බියවී ඇති බවක් පෙනේ..

හේතුව මාළිමාව වේදිකා මත බයියන්ට ලොරිගනන් බෙදූ සුරංගනා කතා තුල රැවටිල්ල මිස වෙන යමක් නැතිවිම නිසා බයියන් දැන් වැල නොකැඩී මැදමුලන මහගෙදර කරා යමින් සිටින බව ඔවුන්ටම දැනී තිබීමයි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...