ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් ඉලක්කම් විතරක් කළ හැකි තරම් ශක්තිමත්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW:

ලබන වසරේ විශාල වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකා පාපන්දු නව අවධියකට ගමන් කරන බව FFSL සභාපති ජස්වර් උමාර් පවසන තත්ත්වයක ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩකයින් පියවර කිහිපයකින් සිය ජාත්‍යන්තර ශ්‍රේණිය ඉදිරියට ගෙනවිත් තිබෙනවා.මේ මොහොතෙ ශ්‍රී ලංකාව 193 ට පැමිණ තිබෙන්නේ අළුත් ශ්‍රේණිගත කිරීම්වලදි පියවර 4 ක් ඉහළට පැමිණ සිටින නිසා ශ්‍රී ලංකාව සිටින්නේ නැග්මක බව පැහැදිළියි.
එහෙත් අද තුරග තරග පිටියට එන බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන තායිලන්තය සිටින්නෙත් නැග්මක බව අමතක නොකර තරගය දෙස අවධානය යොමු කළ යුතුයි.ඔවුන් ද නවතම ශ්‍රේණිගත කිරීම් හී අළුත්ම හ්‍රේණිගත කිරීම් හී 96 වන තැන සිටින්නේ ස්ථාන පහක් ඉදිරියට පැමිණයි.


තරගයට පෙර කණ්ඩායම් දෙක සිටින තැන සළකා බැලුවොත් ශ්‍රේණි 97 ක වෙනසකින් හ්‍රී ලංකාව පසුපසින් සිටින බව පැහැදිළියි.ඒත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම පෙළ ගැසී තිබෙන අංකවලින් තීරණය කළ නොහැකි කණ්ඩායමක් බව පැහැදිළියි.ලෝකයේ දියුණු පාපන්දු සංස්කෘතීන් සමඟ සහ තාක්ෂණය සමග සමීප ඇසුරක් පවතින ක්‍රීඩකයින් බහුල ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ තරගයක සීමිත කාලය තුළ මේ විවිධත්වයන් එකට ගැට ගසා ගැනීමේ පොහොසත්කම සහ දුප්පත්කම අතර සිඳුවන දෝලනයයි.එය හරියට පෑහෙන්නේනම් අංක 97 ක දුර එක ගෝලයකින් පියවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා.


තමන්ගේ නමට වැටෙන ගෝල ගණන කල්පනා කරන මානසිකත්වය වෙනුවට දැන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම සිටින මානසිකත්වය කණ්ඩායම ජයගැනීමේ උවමනාව බව පැහැදිළි වෙනවා.ඒ තත්ත්වය කියා පාන්නේ එකම හැඟීමකින් බැඳී සිටින බවයි.සහෝදරත්වය දේශ සීමා මායිම් පසු කර ලාංකේය වූ හැඟීමකින් එකට මුසුව තිබෙන බවයි.ඒ නිසා අද තරගය ගැන ජයග්‍රාහී අදහසක් ඇති කර ගන්නට හැකියාව තිබෙනවා.
එවැනි ජයග්‍රහණයක් ගැන සිතීම පැතීම අහම්බයක් හෝ විශ්මයක් නොවන තැනකට ශ්‍රී ලංකාවේ පාපන්දුව පැමිණ තිබීම වැදගත්.එය වැරදි හැඟීමක් කරන්නට හැකියාව ඇත්තේ කණ්ඩායම තුළ ගොඩ නැඟෙන විශ්වාසයේ සම්බන්ධතාවයේ අපැහැදිළිකම් මතයි.එහෙත් මාල දිවයින තරගය තුළ එයින් ලද පරාජයෙන් ඉනික්බිති ඒ කළු වළාවන් ද ඉවත් වී ඇති බවට විශ්වාස කරනවා.


එසේම ජස්වර් පවසන අලුත් විමේ කතාව ඇතුළේ පුද්ගල මුහුණු වෙනුවට ක්‍රීඩාවේ මුහුණුවර ජාත්‍යන්තරකරණය දක්වා වෙනස් වීම අපේ අපේක්ෂාවයි.විශේෂයෙන් හොඳ අනුග්‍රාහක පදනමක් පසුබිමක් සමඟ මේ විදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ජාතික ලීග් තරගාවලියකට කණ්ඩායම් පහක් හයක් හෝ සකස් කර තරග පැවත්විය හැකිනම් ලාංකේය පොළව තුළ ද විදේශයෙන් පැමිණ තරග කරන තරගකරුවන්ට සමාන දක්ෂයන් නිර්මාණය වේවි.ඔවුන් මෙහි සිටන ක්‍රීඩකයන්ගේ දැන හැඳුණුම්කම් මත විදේශ ලීග සඳහා ද නිර්දේශ වේවි.හීනය විශාල වුණාට කමක් නැහැ.ආසියාව නෙමෙයි එය ලෝකය තරම් විශාල කළ හැකි තැනකට මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දස්කම්වලින් අනාගතයට වැඩ ගත හැකියි.


එසේ කිරීමට අවශ්‍යයම සහ වැදගත්ම දේ හොඳ ශක්තිමත් අනුග්‍රහයන් සමඟ විදේශවල සිට පැමිණ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහභාගි වන දේශිය ලීගයක් බව නැවත නැවතත් සිහිපත් කරන්නේ ලංකාවේ පාපන්දුවට සිටින තැනට වඩා විශාල දුරක් යා හැකි බව පැහැදිළි බැවිනි.
ඒ අදහසෙන්ම අප අද සවස ගැනත් කියන්නේ ‘ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් ඉලක්කම් විතරක් කළ හැකි තරම් ශක්තිමත්‘ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

නමට අනුව ප්‍රසන්නත් නැති,ජයත් නැති අප්‍රසන්න පරාජිත වැඩ

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: පාසල් පැසි පන්දු සංගමයේ...