සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Date:

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සර්වජන බලය කටයුතු කර තිබේ.

පක්ෂ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය මන්ත්‍රීවරයා නිකුත් ඇති අතර එහි දක්වා ඇත්තේ අද (18) සීතාවක ප්‍රාදේශීය සභාවේ පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් සහ / හෝ පක්ෂයේ අවසරය නොමැතිව සභාව තුළ රැඳී සිටිමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සර්වජන බලයේ චන්දන ප්‍රේමනාත් මහතා සහාය දක්වා ඇති බවයි.

පක්ෂය විසින් දැනුම්දී තිබූ තීරණයට පටහැනිව කටයුතු කිරීම සහ පක්ෂයේ අවසරය නොමැතිව කටයුතු කිරීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් වන හෙයින් මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවන බව එම ලිපියේ දක්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...