ෆොටෝ කියන සන්නිවේදන මෙවලම, දේශපාලන සන්නිවේදනය විසින් Innovative විදියට පාවිච්චි කරන හැටිත්, ‘සමාජමාධ්‍ය සන්නිවේදන විධික්‍රම’ දේශපාලන සන්නිවේදනයේ පුලුල් පරාසයක් අයිති කර ගනිමින් ඉන්නා හැටිත් බලන්න ඕනනම් මේ දවස්වල COP27 සහ G20 සමුළුවලදී එංගලන්ත, ප්‍රංශ සහ කැනඩා නායකයින් ගත්ත ෆොටෝ එයාල ෆේස්බුක් දාන හැටි බලන්න.
ඉස්සර සුපිරි ෆොටෝ කියන්නෙ පත්තරේ පළවෙනි පිටුවේ ප්‍රධාන චායාරූපය ලෙස පළවෙනි එක. ලංකාදීප Front Page Photo එක. ඊලගට Forbes වගේ මැගසින් වල Cover Page Photo එක. The Economist වගේ මැගසින් වල කවරයේ කතාව. ඊට පස්සෙ මම ආසාවෙන් හැමදාම බැලුවා White House වෙබ්සයිට් එකේ Photo of the Day. ඒක ඩිජිටල්. ඊට පස්සෙ ෆේස්බුක් එක ඉඩක් දුන්නා ඕන තරම් ෆොටෝ, ඕනෑම වෙලාවක දාන්න. ඒ වෙලාවෙම අපිට ලයික් දාන්නත් පුලුවන්.
හැබැයි Instagram තමා පළවෙනි ෆොටෝ ෆොටෝ Platform එක. එයාල තමා මුලින්ම ඇප් එක ඇතුලේ ෆොටෝ එඩිට් කරන්න, ඒ කියන්නෙ අපිව ලස්සන කරගන්න පහසුකම් දුන්නේ. ඉන්ස්ටා එකට දාන ෆොටෝ ටිකක් real. ෆේස්බුක් එකට දාන ගොඩාක් ෆොටෝ ඒ වෙනුවෙන්ම අපි හිටගෙන, හිනාවෙලා ගහන ෆොටෝ.
සෝෂල් මීඩියා වල වැඩිම ෆලෝවින් එකක් තියෙන ක්‍රීඩකයෝ සහ ගායකයෝ වගේ අයත් එයාලගෙ රස්සාවේ ෆොටෝ දානවා. ඒවයේ නිරායාසයෙන්ම Action එකක් තියෙනවා. හැබැයි දේශපාලකයන්ගෙ ෆොටෝ වල හැම වෙලේම තියෙන්නේ එක්කෝ මේසෙක වාඩිවෙලා තව පිරිසකට කතාකරන ෆොටෝ, නැත්නම් තව කවුරුහරි ලොක්කෙකුට අතට අත දීගෙන ඉන්න ෆොටෝ. ජායාරූපශිල්පියාට කියල තියෙන්නෙත් ඒවා ගහන්න. ෆේස්බුක් දාන අයට කියල තියෙන්නෙත් එහෙම ඒවා දාන්න.
මම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක වෙලා ඉන්න කාලේ, ඔහු ජනාධිපතිවරණයට දුවද්දී යෝජනා කලා දෙන්නෙක් පැය 24 ම ඔහු පස්සෙන් තියන්න real time , real photos and videos අරන් සමාජමාධ්‍ය වලට දාන්න. කෙරුනෙ නෑ.
අද සමාජ මාධ්‍ය සහ යථාර්ථය අතර දුර ගොඩාක් අඩුවෙලා. දේශපාලකයන් සහ සමාජමාධ්‍ය සන්නිවේදනය අතර දුරත් ගොඩාක් අඩුවෙලා. Trump ට්වීට් කරපු විදියේ සිටන් රිෂී සුනාක් ගේ සමාජ මාධ්‍ය හරහා ලංකාවේ අරගලය කරපු යූ ටියුබර්ස්ල දක්වා හැමෝම දේශපාලන සන්නිවේදනය සහ දේශපාලන යථාර්ථය අතර දුර අවම කලා.
මීට අවුරුදු කීපයකට කලින්නම් රාජ්‍ය නායකයකුගෙ නිළ ෆේස්බුක් පිටුවක දානවා තියා දැක්කගමන් ඩිලීට් කරන ජාතියේ ෆොටෝ තමා කැනඩාවේ හෝ එංගලන්තයේ නායකයන්ගේ ෆේස්බුක් පේජ් වල දාන්නේ. මොකද ඒක යථාර්ථයට කිට්ටු නිසා. Followersල මොනවද ඉල්ලන්නේ කියල ෆේස්බුක් Dashboard එක කියල දෙනවා. ඕන තරම් Data Analyse කරන්න පුලුවන්. ඊට පස්සේ PR Campaign එක කරන අය Followersල ඉල්ලන වර්ගයේ Contentම දෙනවා.
රිෂී සහ ජස්ටින් වගේ රාජ්‍ය නායකවරු ෆේස්බුක් එක කරන මීඩියා සෙට් එකට කැමති විදියකට ඒක කරගන්න ඉඩදීලා, ඒකට අත නොගහ, තමුන්ගේ දේශපාලන රාජකාරිය විතරක් කරනවා ඇති.
ලංකාවේ අතිශයින්ම දියුණු Political Communication එකක් තියෙනවා සාම්ප්‍රදායික මාධ්‍ය වල. පත්තර වල හෙඩින්, කොලම් සහ ෆොටෝ තේරීමේ. මං තාමත් ආසාවෙන් ඒවා බලනවා. හැබැයි ලංකාවේ New Media Political Communication කියල එකක් නෑ. තියෙන්නේ වීඩියෝ කපල දාන එකයි හා හා reaction දාන එකයි.
මිලින්ද රාජපක්ෂ ගේ මුහුණු පොතෙනි.
2022.11.17
‘Mili I Need a Coffee’ Series
ෆොටෝ කියන සන්නිවේදන මෙවලම, දේශපාලන සන්නිවේදනය විසින් Innovative විදියට පාවිච්චි කරන හැටි!
Date: