බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක ….

Date:

ඉස්සර බැට් එක කරේ තියාන ග්‍රවුන්ඩ් බැස්සේ අර පොරෝ කෙටිය කරේ තියාගෙන දඩයමේ යනවා වගේ. දැන් දශක කීයක් නම් ගෙවිල ද? ඒ අරවින්දගෙන් මේ අරවින්ද පොඩ්ඩක්වත් වෙනස් නැහැ කියල තේරෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකුට එම ක්‍රීඩාවෙන් ලැබෙන්න තියන ඉහළම ගෞරවය වෙච්චි ICC Hall of Fame එකටත් ගියේ ටයි එකක්වත් නැතුව.

ටයි කෝට් මුකුත් නැහැ. කලිසමයි. කමිසෙයි. සපත්තු දෙකයි. දෙනවනම් දීපල්ලා. දුන්නේ නැහැ කියලත් අරවින්ද කාටවත් අමතක වෙන්නේ නැහැ.

අරවින්ද නම් වෙනස විසින් ඒ කාලේ ක්‍රිකට් වල රිද්මය වෙනස් කළා. අරවින්ද වගේ වෙන්න ඉස්කෝලවල කොල්ලෝ ක්‍රිකට් ගැහුවා. එයාගේ ස්ටිකර් පොත්වල අලවාගෙන හිටිය. අරවින්ද එක කාලෙක ලංකාවේ සෙලබ්‍රිටි ක්‍රිකටර් (celebrity cricketer) බවට පත්උණා.

ගොඩක් අය සිහින දැක්කේ අරවින්ද වගේ වෙන්න උනත් ඒක එහෙමම සිද්ද වුණේ නැහැ. දේවල් එහෙම සිද්ද වෙන්නෙත් නැහැ.

මීට කලින් මගේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දාපු කෙනෙක් කිව්වා ප්‍රතිවාදීන්ට අරවින්ද දවාගන්න පුළුවන් උණා. හැබැයි මේ සමුරායිව පරාජය කරන්න බැරිවුණා කියල. කිසිම ප්‍රතිවාදී පන්දු යවන්නෙක් හමුවේ ඔහු හිරවෙන්න කැමති උනේ නැහැ. හිරගත බවෙන් එළියට ඇවිල්ල පහර දෙන්න උත්සාහ කළා. ඇතැම් තැන්වලදී දැවී ගියා. හැබැයි සටන්කළා. ඒ තමයි අපිට අමතක නොවන අරවින්ද. අමතක නොවෙන එකම හේතුවත් ඒක.

මින් එහාට මේ වගේ අද්විතීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපේ රට නිෂ්පාදනය කරන එකක් නැතිවෙයි….

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක දේවල් මෙච්චර විනාශ වෙන්නේ ඇයි කියන එක මට තියන නොවිසඳුනු ප්‍රශ්නයක්.

අරවින්ද ….පට්ටම ලව්….ඔය විදියටම ඉන්න…

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...