අටෙන් පසුව ශ්‍රී ලංකාව හැලෙයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් කරගාවලියේ ඊයේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වූ දවසක් විය.අර්ධ අවසන් පූර්ව වටය හෙවත් අවසන් අට දෙනාගේ වටයේ තරග තුනකට ශ්‍රී ලංකා සහභාගීත්ව තිබිණ.ඒ රනිත්මා ලියනගේ කාන්තා අංශයෙන් ද,බුවනෙක් ගුණතිලක පිරිමි අංශයෙන් සහ ඔහු,විරේන් නෙත්තසිංහ සමඟ පිරිමි යුගල අංශයෙන් එම සහභාගීත්වය සටහන් කළේය.

රනිත්මා චීන ක්‍රීඩිකාවක වන චෙන් ලූ සමඟ තරග වැදුණාය.ප්‍රතිපලය වූයේ 21 – 08 සහ 21 – 15 ක් ලෙස චීන ත්‍රීඩිකාවට ජය හිමිවීමය.බවනෙක් ගුණතිලක කේවල පිරිමි තරගයේදි තරග වැදුණේ මන්රාජ් සිං සමඟය.බුවනෙක මුල් වටය 21 ච 19 ක් ලෙස ජය ගැනීමට සමත් විය.දෙවන වටයේදී ඉන්දිය ක්‍රීඩක මන්රාජ් 21 -09 ත් ලෙස තරගයට අවතීර්ණ වුවත්,යළිත් තෙවන වටයේදී බුවනෙක දැඩි තරගයක් ලබා දෙමින් ඉන්දිය ක්‍රිඩකයාගෙන් තරගය උඳුරා ගැනීමට උත්සාහ කළද අවසානයේ බුවනෙකට 19 – 21 ක පරාජයකින් පසු බසින්නට සිඳු විය.

බුවනෙකට සහ විරෙන්ට පිරිමි යුගල අංශයේදි හමු වූයේ චුයි හී චෙන් සහ සන් වෙන් ජුන් ය.මෙම චීන ක්‍රීඩකයින් දෙදෙනා ඉදිරියේ බුවනෙකට සහ විරෙන්ට අත් වූයේ වට 2-0 ක පරාජයක්ය.ලකුණු සටහන දැක් වුණේ 21 – 11 ක් සහ 21 – 12 ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...