මේ දැනෙන වේදනාවත්, කඳුලුත් එකමයි; ගාසා තිරයේ මිය යන සංඛ්‍යාව 12,000 ඉක්මවයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් ළමුන් 4,710 ක් හා කාන්තාවන් 3,160 ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 12,000 ක් මිය ගොස් ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ.

ඊශ්‍රායල හමුදාව සිකුරාදා තුන්වන දිනටත් අල්-ෂිෆා රෝහල වටලන විට, වෛද්‍ය මධ්‍යස්ථානයේ විදුලිය නොමැතිකම හේතුවෙන් නොවැම්බර් 11 සිට නොමේරූ ළදරුවන් හතර දෙනෙකු ඇතුළු රෝගීන් 40 දෙනෙකු මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA) විසින් නිකුත් කරන ලද නවතම ගාසා තත්ත්‍ව වාර්තාව ද කියාතිබුණේ, මධ්‍යම ගාසා තීරයේ An Nuseirat ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිලිවලට රාත්‍රියේ ඊශ්‍රයල ගුවන් ප්‍රහාර දිගින් දිගටම එල්ල වන බවත්, ඊයේ (17) රාත්‍රියේ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 140 ක් පමණ සුන්බුන් යට සිරවී ඇති බවත්ය. වාහන සහ සන්නිවේදනය සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් ගාසා තීරයේ හදිසි සේවා බොහෝ දුරට නතර වී ඇති බැවින් ප්‍රදේශවාසීන් ඔවුන්ගේ අත් සහ ප්‍රාථමික මෙවලම භාවිතා කර සිරවී සිටින අය බේරා ගැනීමට උත්සාහ කළ බව UNOCHA පවසයි.

ගාසා තීරයේ UN විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාන 154 ක පුද්ගලයන් 830,000 ක් නවාතැන් ගෙන සිටින අතර ඒවායේ උග්‍ර ශ්වසන රෝග සහ පාචනය ඇතුළු රෝග පැතිර යමින් පවතින අතර එහි පුද්ගලයින් 150 කට ඇත්තේ එක් වැසිකිලියක් පමණි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ දකුණු ප්‍රදේශය ඇතුළුව හමාස් සංවිධානය පවතින ඕනෑම ස්ථානයකට ඉදිරියට යනු ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසා තිබේ.


ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගිනිකොනදිග ගාසා තීරයේ සමහර ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඊශ්‍රායල ගුවන් යානා විසින් හෙළන ලද පත්‍රිකා මගින් වර්ග කිලෝමීටර් 14ක් (වර්ග සැතපුම් 5.4ක්) පමණක් ආවරණය වන වෙරළබඩ නගරයක් වන මාවසි හි කුඩා ආරක්ෂිත කලාපයකට ගමන් කරන ලෙස ඉල්ලා සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...