මහාචාර්ය සභාපතිට එරෙහිව විශ්වාසභංගයක්!

Date:

කොළඹ LNW:කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

සභාපතිවරයාගේ හැසිරීම රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ල කර තිබෙන බවටයි සමඟි ජන බලවේගය සභාපතිවරයාට එරෙහිව චෝදනා කරන්නේ.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දීමට කටයුතු කරන බවයි.

පසුගිය 14 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය කෝප් කමිටුවට කැඳවා සිදුකළ විමර්ශනයේදී මෙම සභාපතිවරයාගේ හැසිරීම පක්ෂග්‍රාහී බවට චෝදනා කෙරුණු අතර ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී ඔහුගේ පුත්‍රයා වන කනිෂ්ක බණ්ඩාර ද කෝප් කමිටු රැස්වීමට කැඳවා ගෙන යාම නිසා එම විරෝධය තවදුරටත් උත්සන්න වීම සිදුව තිබේ.

කෙසේවෙතත් මේ වන විට නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුවේ කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...