මොකද්ද මේ නාමල්ගේ ලනුව?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පහුගිය අඟහරුවාදා (14) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුව වෙත ගොස් තිබුණු නමුත් සභා ගැබ තුළට නොගොස් විපක්ෂ ලොබියට මෙන්ම ආණ්ඩු පක්ෂ ලොබියට ද ගොස් මන්ත්‍රීවරු සමඟ සුහද සාකච්ඡාවල නිරත වී තිබුණා.

මෙහිදී විශේෂත්වය වූයේ, විපක්ෂ මන්ත්‍රීවරු ගනනාවක්ම මෙහිදී අය වැය ගැනත් වත්මන් දේශපාලන ආර්ථික තත්වය ගැනත් සුබවාදීව ජනපති සමග කතාබහ කිරීමයි .

ජනපති රනිල් ආණ්ඩු පක්ෂ ලොබියේ දී එහි සිටි මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර තුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි කණ්ඩායම සමඟත් කතා බස් කරන්න ජනපතිට හැකිවූ අතර, එහිදි ජනපති සමඟ සිටි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මහින්ද රාජපක්ෂ මහතාට කීවේ ඔබතුමා අයවැයට සහාය දෙනවා කියලා කිව්වාට නාමල් මන්ත්‍රීතුමා බනිනවානේ කියාය. ඒ ක්ෂණයෙන්ම “එයා කාගේ හරි ලණුවක් කාලා”යැයි මහින්ද කීවේය.

කොහොම නමුත් මෙවර අයවැයත් ගැටළුවකින් තොරව සම්මත විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා බහෙන් තහවුරුව ඇති බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...