මහාචාර්ය සභාපතිට එරෙහිව විශ්වාසභංගයක්!

Date:

කොළඹ LNW:කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

සභාපතිවරයාගේ හැසිරීම රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ල කර තිබෙන බවටයි සමඟි ජන බලවේගය සභාපතිවරයාට එරෙහිව චෝදනා කරන්නේ.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දීමට කටයුතු කරන බවයි.

පසුගිය 14 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය කෝප් කමිටුවට කැඳවා සිදුකළ විමර්ශනයේදී මෙම සභාපතිවරයාගේ හැසිරීම පක්ෂග්‍රාහී බවට චෝදනා කෙරුණු අතර ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී ඔහුගේ පුත්‍රයා වන කනිෂ්ක බණ්ඩාර ද කෝප් කමිටු රැස්වීමට කැඳවා ගෙන යාම නිසා එම විරෝධය තවදුරටත් උත්සන්න වීම සිදුව තිබේ.

කෙසේවෙතත් මේ වන විට නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුවේ කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...