ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පුද්ගල නිපුණතා සංවර්ධනයට අත්වැලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ එක්ව ශ්‍රී ලංකාවේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා “ පෑස්සුම් නිෂ්පාදන ආශ්‍රිත NVQ Level 4″ ජාතික නිපුණතා ප්‍රමිතිය හඳුන්වා දී ඇත.

වෘත්තීය අධ්‍යාපන හා පුහුණු කිරීමේ කොටසක් ලෙස සකස් කරන ලද මෙම ප්‍රමිතිකරණයෙහි අරමුණු වන්නේ පුද්ගල නිපුණතා සම්පූර්ණ කිරීම සහ ඒ ආශ්‍රිත කර්මාන්තයන්හි පුහුණු අවශ්‍යතා සපුරාලීමයි.

ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ සහය ඇතිව අපනයන සංවර්ධන මණ්ඩලය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් එකට එක්ව අවශ්‍ය මූලමය දායකත්වය ලබාදෙන අතර මෙහි අවසන් බලාපොරොත්තු වන්නේ මේ ක්ෂේත්‍රය සඳහා ඇති ශ්‍රමිකයන්ගේ හිඟය විසඳීමට සහ තරුණ සහභාගීත්වය දිරිමත් කිරීමයි.

2012 දී ආරම්භ කරන ලද මෙම සැලැස්ම තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන සහ අපනයනට යොමු වන කර්මාන්ත වළ අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩිදියුණු කරන ලදී. මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ මෙම අංශයේ අධ්‍යාපනය හැදෑරීමට තරුණයින් පොළොඹවා ගැනීම සහ අවසානයේ කර්මාන්ත විසින් බලාපොරොත්තු වන ඉල්ලීම් සපුරාලීම සඳහා පුහුණු වෘත්තිකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමයි.

මෙම ජාතික නිපුණතා ප්‍රමිතිය, ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන අංශයේ වර්ධනයට හා ඒ හා සම්බන්ධ කර්මාන්තයන්හි විකුණුම්, ලාභ සහ ජාතික අපනයනය සඳහා සහාය වීමට දායක වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර මෙම සබඳතාවය ශ්‍රී ලාංකේය ඉලෙක්ට්‍රොනික හා විදුලි අංශයේ කර්මාන්ත වැඩිදියුණුව සඳහා දායක වෙමින් ඉදිරි වසර පහ තුළ තාක්ෂණික, යාත්‍රා සහ මෙහෙයුම් අංශයේ වෘත්තීන්හි මානව සම්පත් හිඟය සඳහා විසඳුම් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...