අන්තිම දශමෙන් මන්ත්‍රීකම බේරාගත් රෝහිත දැන් කියන කතාව!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයට තුනෙන් දෙකකට වැඩි බලයක් ලබා දෙමින් අවසන් වුණු 2024 මහා මැතිවරණ ප්‍රතිඵලය තුළ නවක මුහුණු 150ක් පාර්ලිමේන්තුවට පිවිසෙන අතර දශක ගණනාවක් පාර්ලිමේන්තුවේ සිටි ප්‍රබල යැයි සමාජ මතයක් තිබුණු බහුතරයක් දියවන්නාවෙන් පිටතට විසිව තිබේ.

මෙම ජන්ද ප්‍රතිඵලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ සුවිශේෂී ජන්ද ප්‍රතුඵලයක් වාර්තා වූ අතර සමස්ත ප්‍රතිඵලයට අනුව ආසන 11න් 08ක්ම දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.

එම ප්‍රතිඵලයට අනුව සමඟි ජන බලවේගයත් ආසන 2ක් දිනාගත් අතර නව ප්‍රජාතන්ත්‍රවැදී පෙරමුණ හෙවත් සිලින්ඩරයට එක් මන්ත්‍රී ආසනයක් හිමිවූ අතර මනාප ප්‍රමාණය අනුව මනාප 10,204ක් ලබා ගත් රෝහිත අබේගුණවර්ධන සිය මන්ත්‍රී ධූරය බේරා ගෙන තිබුණි.

ජාතික ජන බලවේගයට වැටී තිබුණු ජන්ද 14ක් අවලංගු වීම තුළ රෝහිත අබේගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයාගේ අසුන බේරී තිබුණ අතර එය ඔහු කෙස් ගහෙන් ගොඩයාමකි.

රෝහිත අබේගුනවර්ධනලාගේ තලයේ සාතිශය බහුතරයක් මෙවර පාර්ලිමේන්තුවෙන් එළියට විසි වී තිබෙන හෙයින් ඔහු සිය පත්වීම උත්කර්ෂයට නංවමින් පසුවෙයි.

ඊයේ (18) දිනයට දී තිබුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ උපන්දිනයට සුභ පැතුම් එක්කිරීමට කොළඹ විජේරාමේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී ද රෝහිත අබේගුණවර්ධන සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙතද අදහස් දක්වා තිබුණි.

”මහ ගස් කඩාගෙන වැටෙනකොට, සුළි කුණාටු එනකොට, සුනාමි එනකොට මිනිස්සුත් එක්ක හිටපු රෝහිත අබේගුණවර්ධනව දිස්ත්‍රික්කයේ ජනතාව අමතක කරලා නැහැ. මහින්ද මහත්තයත් කිව්වා ඔයා දක්ෂයෙක් කියල. රෝහිත අවුරුදු 27ම පැරදිලා නැහැ. රෝහිතව පරද්දන්නත් බැහැ කියල.”

මේ හිටපු මන්ත්‍රී වගේම නැවත මන්ත්‍රී ධූරය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට පසුගිය මැතිවරණයට සිලින්ඩරයට එක් වූ රෝහිත අබේගුණවර්ධන ට තමන් ගැන ඇති තක්සේරුවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...