සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් නව යෝජනාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 19වැනි G-20 නායක සමුළුවට සහභාගි වුණා. ඒ බ්‍රසීල වේලාවෙන් 18වැනිදා පෙරවරුවේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවර දී.

සමුළුවේ පළමු අදියරේදී “කුසගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවති සාකච්ඡාවේදී ෂී ජින් පිං මහතා “පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම” යන මැයෙන් වැදගත් දේශනයක් පවත්වා තිබෙනවා.

පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම සඳහා,වෙළඳාම,සංවර්ධනය හා සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතු බව ඔහු එහිදී කියාසිටියා. දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවත් සහභාගීත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා සඳහන් කළා.

ෂී ජින් පිං මහතා එහිදී චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 8ක් ප්‍රකාශ කළා. චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම සහ, සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගිතාව සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දීම ඇතුළු කරුණු ඊට ඇතුළත් වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...