“ගෝලීය දකුණේ” රටවල තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම සඳහා අගමැතිනියගෙන් සුබ පැතුම්!

Date:

කොළඹ LNW:“ගෝලීය දකුණේ” රටවල තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම් එක් කර තිබේ.

චීන මාධ්‍ය සමූහය, ජී-20 කණ්ඩායමේ තරුණ සමුළුව (Y20) සහ බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයේ මහ ලේකම් කාර්යාලය, බ්‍රසීල වේලාවෙන් 18වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී “ගෝලීය දකුණේ” රටවල තරුණ තරුණියන් සඳහා අන්තර් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇත.

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය ද ඇතුළුව ලොව රටවල් 74ක මාධ්‍ය ආයතන 215ක දායකත්වයෙන් සහ සහභාගීත්වයෙන්, “ගෝලීය දකුණේ” රටවල මාධ්‍ය අත්වැල් බැඳගනිමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ මෙම මුලපිරීම් නිකුත් කෙරුණි.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ බ්‍රසීල ජනාධිපති මන්දිරයේ ජාතික තරුණ මහලේකම් Dos Santos මහතා එම මාධ්‍ය මෙහෙයුම එළිදැක්වීමේ උත්සවයට සහභාගී වී දේශන පැවැත්විය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු ප්‍රභූවරුන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාව වෙනුවෙන් සුබපැතුම් ලිපි සහ වීඩියෝ පණිවුඩ යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

“ගෝලීය දකුණේ” රටවල තරුණ ප්‍රජාව අතර හුවමාරු සහ සහයෝගීතාවය නව තලයකට ගෙන එමින් අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ අන්තර් සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම‍ මගින් එම රටවල සංවර්ධන ක්‍රියාවලියට වැඩි ප්‍රතිලාභ ගෙනෙන නව අවස්ථාවක් උදා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් ලිපියේ සඳහන් කර තිබේ.

මෙම තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම අනාගත ලෝකය සඳහා ගෝලීය තරුණ ප්‍රජාව සක්‍රීය ලෙස සහභාගී කර ගන්නා වේදිකාවක් වනු ඇති බව විශ්වාස කරන බව ද ඇය එහිදී කියාතිබේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...