කොළඹ LNW: 2024 මහ මැතිවරණයේ ජන්ද ප්රතිඵල අනුව සමඟි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්රී ධූර 05න් එක් මන්ත්රී ධූරයක් සඳහා එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම මතිවාන කොමිසම විසින් ගැසට් කර තිබේ.
කෙසේවෙතත් තවත් සිව් දෙනෙකුට මන්ත්රී අසුන් හිමිව තිබෙන අතර ඒවා සඳහා සමඟි ජන බලවේගය ලෙස පත්කිරීම් කර නැත.
සමඟි ජන සන්ධානය ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීම නිසා සමඟි ජන බලවේගය හැර සෙසු පක්ෂ කණ්ඩායම් වෙත ද එම මන්ත්රී ආසන බෙදී යා යුතු වන හෙයින් ඒ පිළිබඳව තවතමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.
ආශිකා බ්රාහ්මණ