ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ, බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙනි.

එම අමාත්‍යංශය පවසන්නේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව ඉන්දියාව සැලකිල්ලට ගෙන ඇති බවයි.

එම නිවේදනයේ දැක්වෙ.න ආකාරයට සමීප අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව බංග්ලාදේශ ජනතාවගේ යහපත සඳහා කැපවී සිටින බවද සඳහන්ව ඇති බව එරට මාධ්‍ය පවසයි.

ඒ, ඔවුන්ගේ රටේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, ඇතුළත් කිරීම සහ ස්ථාවරත්වය ඇතුළුවයි.

එනිසා, ඒ සඳහා ඉන්දියාව සැමවිටම සියලුම පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.

මේ වන විට මහජන විරෝධතා හමුවේ රටින් පිටවූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ඉන්දියාවේ තාවකාලිකව රැදී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග ගැටුමෙන් පසු පළමු බොරතෙල් නැව්ගත කිරීම අද (17)

රෂිකා හෙන්නායක අප්‍රේල් 17 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග ගැටුම ආරම්භ...

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...