ලෝක බලවතුන් එක් වූ භෝජන සංග්‍රහයේදී චීන ජනපතිගෙන් දේශනයක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ආර්යාව Peng Liyuan මහත්මිය විසින් 33 වැනි APEC ආර්ථික නායක සමුළුවට එක්වීම සඳහා Shenzhen නගරයට පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පැවැත්වූවා. අද(18) රාත්‍රියේ Shenzhen ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථාන‍ ශාලාවේදී පැවැත්වුණු එම භෝජන සංග්‍රහයේදී ෂී ජින්පිං මහතා සම්භාවනීය අමුත්තන් ආමන්ත්‍රණය කළා.

චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් සියළු අමුත්තන්ගේ පැමිණීම උණුසුම් ලෙස පිළිගන්නා බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා.
Shenzhen නගරයේ කතාව චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය පිළිබිඹු කරන සියුම් ආදර්ශයක් බව ඔහු කියාසිටියා. Shenzhen හි සංවර්ධනයේ කතාව ආසියා-පැසිෆික් සහයෝගිතාවේ සාර්ථක නිදසුනක් ලෙස ද සැලකිය හැකි බවත්, භූගෝලීය සීමා සහ අදහස්වල වෙනස්කම් අභිබවා යමින්, ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථිකයන් කලාපීය සහයෝගිතාවේ පුළුල් වේදිකාවට සක්‍රියව එක්ව ඇති බව ඔහු පෙන්වා දුන්නා. එමගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගනිමින් ‘ආසියා පැසිෆික් ආශ්චර්යය’නිර්මාණය කළ බවයි ඔහු පැවසුවේ.

ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානය (APEC) පිහිටුවීමේ සිටම, එම සංවිධානය කාලීන අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්, ආසියා පැසිෆික් ආර්ථික ඒකාබද්ධතා ක්‍රියාවලියට නායකත්වය ලබා දී තිබෙනවා. මේ තුළින් එම කලාපය ලෝකයේ වඩාත්ම ජීවගුණයෙන් පිරි ආර්ථික කලාපයක් මෙන්ම ප්‍රධාන ආර්ථික වර්ධන එන්ජිමක් බවට පත් කිරීමට APEC සංවිධානය සමත් වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ සහ අගමැතිනිය අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා...

කඩුවෙල වෙළඳසැලක ගින්නකින් කුඩා දරු දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගරයේ පිහිටි විදුලි භාණ්ඩ වෙළඳසැලක...

අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 19) දිනයේදී ඌව සහ...

මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය “හක්කේ ලෙනින් – බොක්කේ රනිල්” – ගයන්ත

එදා මාක්ස් ලෙනින්වාදය ගැන කතා කරමින් දැඩි වාමාංශිකයින් වශයෙන්...