ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ සහ අගමැතිනිය අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කරමින් ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ නීලකාන්ත් මිශ්‍රා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරිය, දෙපාර්ශ්වය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

මෙම සාකච්ඡාව පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබුණි.

රටේ ආර්ථික වර්ධනය, ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සහ පවතින ප්‍රධාන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබෙන අතර
යහපාලන මූලධර්මයන්ට අනුකූලව ඩිජිටල්කරණය සහ ආයතනික රාමු ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්ක අතර පවතින බව අග්‍රාමාත්‍යවරිය පවසා ඇත.

ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමේදී පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමේ සහ සවිබල ගැන්වීමේ වැදගත්කම ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ නීලකාන්ත් මිශ්‍රා මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියලු ජන කොටස් ඇතුළත් තිරසර වර්ධනයක් විය යුතු අතර සංවර්ධන ප්‍රතිලාභ සමාජයේ සියලු කොටස් අතර සාධාරණව බෙදී යාම සහතික කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් APEC ආර්ථික නායක සමුළුව ඇරඹේ!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි...

ලෝක බලවතුන් එක් වූ භෝජන සංග්‍රහයේදී චීන ජනපතිගෙන් දේශනයක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ආර්යාව Peng...

කඩුවෙල වෙළඳසැලක ගින්නකින් කුඩා දරු දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගරයේ පිහිටි විදුලි භාණ්ඩ වෙළඳසැලක...

අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 19) දිනයේදී ඌව සහ...