උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ දියණිය ප්‍රසිද්ධියේ පෙනී සිටියි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ දියණිය ප්‍රථම වරට ඊයේ (18) දිනයේදී ප්‍රසිද්ධියේ පෙනී සිටිබව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ ඒජන්සිය විසින් වාර්තා කර තිබේ.


උතුරු කොරියාව සිකුරාදා(18) ප්‍යොංයැං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 999.2 රින් පියාසර කරන නව ආකාරයේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අතුහදා ලබනු ලැබූ අතර එම අවස්ථාවට කිම්ගේ දියණිය පැමිණ සිටි බව වාර්තා වූ අ.ර ඇය ජූ ඒ ලෙස හඳුන්වා තිබේ.


රාජ්‍ය ඒජන්සිය විසින් බෙදාගත් පින්තූරවල දැක්වෙන්නේ දියණිය කිම්ගේ අත අල්ලාගෙන හමුදා දෘඩාංග දෙස බලන ආකාරයයි.

කිම් ජෝන් උන්ගේ බිරිඳ රී 2018වසරේදී මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබෙුවේ ගෞරවනීය ජනාධිපති ආර්යාව වශයෙනි. දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවයට (NIS) අනුව කිම් සහ රීට දරුවන් තිදෙනෙක් සිටින බව වාර්තා වේ.


හිටපු පැසිපන්දු තරුවක් වන ඩෙනිස් රොඩ්මන් බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පතට වාර්තා කර තිබුණේ කිම් ජෝන් උන් වඩාත් හොඳ පියෙකු බවත්, ඔහු සිය පවුලේ අයත් සමඟ කාලය ගත කරන බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...