ශෂී වීරවංශට එරෙහි තවත් නඩුවක් විභාගයට දින නියම කෙරේ

Date:

රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු සඳහන් අයදුම්පතක් යොමුකිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී මෙම නඩුව විභාගය සඳහා 2023 පෙබරවාරි 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම පිළිබඳ නඩුවකින් මීට පෙර වැරදිකාරිය ලෙස තීන්දු කෙරුණු ශෂී වීරවංශ මහත්මියට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම වූ අතර එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇය ඇප මත නිදහස්ව සිටී.

මෙම දෙවැනි නඩුව ගොනුකර ඇත්තේ එම රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත සිය උපන් දිනය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...