ශෂී වීරවංශට එරෙහි තවත් නඩුවක් විභාගයට දින නියම කෙරේ

Date:

රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු සඳහන් අයදුම්පතක් යොමුකිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී මෙම නඩුව විභාගය සඳහා 2023 පෙබරවාරි 24 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම පිළිබඳ නඩුවකින් මීට පෙර වැරදිකාරිය ලෙස තීන්දු කෙරුණු ශෂී වීරවංශ මහත්මියට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම වූ අතර එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇය ඇප මත නිදහස්ව සිටී.

මෙම දෙවැනි නඩුව ගොනුකර ඇත්තේ එම රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත සිය උපන් දිනය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...